භික්‌ෂූන් නැතිව සසුන අංග සම්පූර්ණ නොවේ

මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර

ලක්‌දිව දැනට පැවිදි උපසම්පදාව ලද භික්‌ෂුන් හාරදහසක්‌ පමණ විසුව ද ඒ එක්‌ භික්‌ෂුණියකවත් අඩුම ගණනේ සාමණේර පැවිද්දක්‌වත් ඇති සේ පිළි නොගෙන හුදෙක්‌ ගිහි කතුන් ලෙස සැළකීමේ අකාරුණික පිළිවෙතක්‌ මේ බෞද්ධ රටෙහි අනුගමනය කෙරෙන බව අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. සඟ සසුනේ රක්‌ෂණය සහ පෝෂණය සඳහා ඉමහත් දායකත්වයක්‌ දෙන මවු පක්‌ෂය වෙනුවෙන් මේ ගැටලුව දෙස දයාන්විතව සිතා බලන සේ රජයෙන් සහ සඟරුවනෙන් කෙරෙන කාරුණික අයදුමකි මේ.

බුදුසසුන ලොවට දායාද කළ ගෞතම බුදුරදුන් තමන් වහන්සේගේ ධර්මදූත කාර්යයෙහි අවසාන සාධනය පිළිබඳව මාරයා අමතා කළ ප්‍රකාශයක්‌ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි වාර්තා වෙයි. ඒ වූකලී විමුක්‌ති සාධනය කෙරේ උත්සුකව ඉගෙනුම, ඉගැන්වීම, පිළිපැදීම සහ ධර්මය සංරක්‌ෂණය විෂයෙහි අව්‍යාජ ලෙස කැප වන සිවු පිරිසක්‌ පිළිබඳ පරිපූර්ණ සැළැස්‌මකි. පන්සාලිස්‌ වසරකදී එය මැනවින් සනාථ කර ගත් පසු උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ සිය සසුන පිළිබඳ සොම්නස්‌ සිතින් බව කියෑවෙයි. මහා පරිනිර්වාණ සූත්‍රයෙහි සටහන් වන උදාන වාක්‍යය අනුව එම සිවු පිරිසෙන් හරි අඩක්‌ම කාන්තාවන් වෙනුවෙන් වෙන් විය. ගිහියන් අතර උපාසිකාවෝ ද පැවිද්දන් අතර භික්‌ෂූහු ද කාන්තා නියෝජනය පූරණය කළහ. ඒ සිවුපිරිස විෂයෙහිම බුදුරදුන් වෙත පැවැත්තේ එක සමාන අපේක්‌ෂාවන් මිස පුරුෂ පක්‌ෂය විෂයෙහි වැඩි විශ්වාසයක්‌ හෝ පක්‌ෂපාතිත්වයක්‌ නොවේ. වනිතාවන් විෂයෙහි සම අපේක්‌ෂාවන් සටහන් කරන්නට හේතුව ඔවුන්ගේ සාමාර්ථ්‍යයන් පිළිබඳව ඌනත්වයක්‌ නොදක්‌නා ලද හෙයින් බව නිසැක ය.

සසුන විෂයෙහි කාන්තාවනට බුදුරදුන් විසින් එබඳු සම අයිතිවාසිකමක්‌ ලබා දීම බුදුරදුන් දිවමන්ව සිටි ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ සමාජ ආගමික සන්දර්භය තුළ ඔවුන් ලද උත්කෘෂ්ට ජයග්‍රහණයකි. පූර්ව වෛදික යුගයෙහි විශ්ව නිර්මාතෘත්වයට පවා ආරෝපිතව සිටි කාන්තාවට වෛදික බ්‍රාහ්මණ සංස්‌කෘතිය විසින් හිමිකර තිබුණු දීනත්වය හේතුවෙන් ස්‌වාමි පුරුෂයකුගේ ආධිපත්‍යයට යටත්ව දාසියකව ආහාර පිසීම දරුවන් හදා වඩා ගැනීම වැනි කටයුතුවලට සීමාව සිටි කාන්තාවනට බඹසර රැකීමේ අයිතිය ලබා දී පුරුෂයන් හා සම අයිතීන් හිමි කර දීම විප්ලවීය පියවරක්‌ විය. ගිහි ජීවිතයෙහිදී උපනයනයට පවා අහිමි කරනු ලැබූ වනිතාවෝ බ්‍රාහ්මණ ආගමෙහි පූජකවරයකුට අයිතියක්‌ නොලද්දෝ ය. එහෙත් බුදුරදුන් හමුවෙහිදී කාන්තාවට ගෘහමූලිකත්වය (ඉස්‌සරිය) පවා හිමි වූ අතර ආගමික වශයෙන් පූර්ණ පැවිද්ද ලබන්නට ද ඔවුහු භාග්‍ය සම්පන්න වූහ. බුදුරදුන් සැලසුම් කර තිබුණු පරිදි සසුන අංග සම්පූර්ණ වූයේ මෙහෙණි සස්‌න පිහිටවූ පසුවය. මෙහෙණි සස්‌න නැති වූ දාට සසුනෙන් ඉතිරි වන්නේ හරි අඩක්‌ පමණි.

කාන්තාවනට මේ තත්ත්වය උරුම කර ගන්නට කිසියම් සටනක්‌ කරන්නට සිදු වූ බව සත්‍යයකි. ඒ ජයග්‍රහණය ලබාදීම සඳහා පුරුෂ පක්‌ෂය වෙනුවෙන් බුදුරදුනට උපකාර වූයේ ආනන්ද හිමිපාණෝ ය. එවකට සමාජයේ පැවති (අදත් බලවත්ව පවතින) පුරුෂාධිපත්‍යය හමුවේ භික්‌ෂු පැවිද්ද එක එල්ලේම ප්‍රදානය කළ හැකි පසුබිමක්‌ නොවී ය. බොහෝ පිරිමින් සිතූයේ කාන්තාව හුදු ලිංගික පරිභෝග භාණ්‌ඩයක්‌ සේ ය. පැවිදි වූ පසුව පවා ඔවුන්ගෙන් ලිංගික ආස්‌වාදය පතා හිරිහැර කළ පිරිමි සිටියහ. පැවිද්ද හුදෙක්‌ විමුක්‌තිකාමී වනිතාවන්ගෙන්ම සමන්විත වූවක්‌ බව පිරිමින් දැනුවත් වූයේ එය ලබා ගැනීම සඳහා මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ පුරෝගාමි කණ්‌ඩායම විඳි දුක්‌ හිරිහැර හේතුවෙනි. පිරිමින් පැවිදිව ලබන විමුක්‌ති ආස්‌වාදය වනිතාවට ද ලද හැකි බව තාර්කිකව සනාථ කරනු පිණිස ආනන්ද හිමියන් නැගූ ප්‍රශ්නය බුදුරදුනට මහෝපකාරි විය.

වනිතා පැවිද්ද ඓතිහාසික ජයග්‍රහණයක්‌ ලෙස වඩාත් උත්කෘෂ්ටව පෙනී යන්නේ ප්‍රගතිශීලී චින්තකයන් ලෙස පෙනී ගිය ශ්‍රමණ ශාස්‌තෘන් පවා එහි ලා නිර්භීත නොවූ හෙයිනි. ජෛන භික්‌ෂූන් කිහිප දෙනකු ගැන සඳහන් වුව ද ජෛනාගමෙහි සංවිධිත භික්‌ෂූ ශාසනයක්‌ නොවී ය. ජෛන කාන්තාවන් තනි තනිව සිය කැමැත්තෙන් පැවිදිව සිටියා වුව ද ඔවුනට විමුක්‌තිය ලද නොහැකි බව ජෛනයෝ Rජුවම කියා සිටියහ. ඊට හේතු ලෙස ඔවුහු කරුණු තුනක්‌ දැක්‌වූහ. එකක්‌ නම් කාන්තාවනට දරුවන් කෙරේ ඇති ආදරයෙන් මිදෙන්නට බැරි බව ය. එමෙන්ම කාන්තාවන් ප්‍රසිද්ධියේ නිරුවත්ව සිටින්නට දක්‌වන ලඡ්ජාවයි. තුන්වන හේතුව නම් ඔවුන්ගේ මාසික ආර්තව සමය තුළ ක්‌ෂුද්‍රජීවීන් ඝාතනය වීමෙන් අහිංසාව බිඳී යැමයි. (සිතා මතා නොකරන දෙයින් වුව ද පවු සිදුවන බව ජෛන ධර්මයෙහි ඉගැන්වෙන නිසා මෙය ඒ දහම තුළ වැදගත් තර්කයක්‌ විය.) එහෙයින් විමුක්‌තිය ලබන්නට නම් කාන්තාවන් පුරුෂාත්ම ලැබිය යුතුම ය. ජෛනාගමෙන්ම බිඳී ගිය ආජීවිකයන් අතර ද අවිනිශ්චිත මනසින් සත්‍යය සොයමින් සංචාරය කළ පරිබ්‍රාජකයන් අතර ද ස්‌වෙච්ඡාවෙන් පැවිදි වූ කතුන් කිහිප දෙනකු ගැන තොරතුරු ඇති නමුත් ඔවුහු සසුනකට අයත් නොවූහ. ඇතැමුන් පැවිදිව සිටිමින්ම පුරුෂ පැවිද්දන් පිණවීම සඳහා කැප වූ බව ද කියෑවේ.

කිසිම ඉන්දීය ආගමක පිරිමින් කාන්තාවකට වැඳීම අනුමත නොකිරිණි. වයස්‌ගත භික්‌ෂුණියක වුව ද අලුත උපසපන් වූ භික්‌ෂු නමකට වැඳිය යුතුයෑයි වූ ගරුධර්මය වෙනස්‌ කර දෙන්නැයි ඉල්ලා සිටීමට පැමිණි ප්‍රජාපතී ගෝතමියට මේ කරුණ සිහිපත් කළ බුදුහු එම ගරුධර්මය එලෙසම තබා ගන්නා සේ දැන්වූහ. එහෙත් මෙහෙණින් වහන්සේලා කෙරේ නිසි ගෞරවය දැක්‌වීමෙහි ලා බුදුරදුන් මෙන්ම දෙටු මහ රහතන් වහන්සේලා ද පැකිළ නැත. ෙ€මා, උප්පලවණ්‌ණා. ධම්මදින්නා, පටාචාරා වැනි භික්‌ෂූනට අග්‍රශ්‍රාවිකා තනතුරු පුදන ලද අතර එතුමියන්ගේ හැකියාවන් ඉහලින්ම අගය කර තිබේ. කොසොල් රජතුමන් විසින් තමන් වහන්සේට පූජා කරන ලද කාලකාරාමය ද බුදුරදුන් විසින් භික්‌ෂූන් වහන්සේලාට පවරා දෙන ලදී.

භික්‌ෂු ශාසනය පිහිටුවීමෙහි ලා මුල් තැන ගත් ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණිය පිරිනිවන් පාන්නට ගත් තීරණය දැනුම් දෙන්නට පැමිණි දින බුදුහු එතුමියට පසු ගමන් කර හරසර දැක්‌වූහ. බුදුරදුන්ගේ අනුශාසනා පරිදි පවත්වන ලද එතුමියගේ ආදාහන උත්සවයට බොහෝ භික්‌ෂූන් වහන්සේලා සහභාගී වූ අතර ආදාහන පෙරහැරේදී එතුමියගේ දේහය සහිත මංජුසාව ජ්‍යෙෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේලා විසින් ඔසවා ගෙන ගිය බව සාංචි ශිලා ලේඛනයක සඳහන් බව කියෑවේ.

ඉන්දියාවෙන් බුදුසමය දිය වී යැමත් සමඟ එහි භික්‌ෂු ශාසනය ද අතුරුදන් විය. ඉන් පසු එය රැකුණේ ථෙරවාදයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්‌ථානය බවට පත් වූ ශ්‍රී ලංකාවේ ය. එසේ වුව ද එකොළොස්‌වන සියවස පමණ වන විට මෙහි ඇති වූ දේශපාලන අර්බුද සමඟ එය ද වියෑකී ගියේ භික්‌ෂු ශාසනය ද සමග ය. බුරුමයේ හෝ තායිලන්තයේ මෙහෙණි සස්‌නක්‌ නොවූ හෙයින් ලංකාවෙහි යළි පිහිටුවා ගත හැකි වූයේ භික්‌ෂු ශාසනය පමණි. එතැන් පටන් සියවස්‌ ගණනාවක්‌ අපට තිබුණේ අඩ සසුනකි. ඉංගි්‍රසි පාලන සමය තුළ බුරුමයෙන් දසසිල් මාතා සසුන ගෙන ආව ද නිසි සමාජ ගෞරවය සහ අනුග්‍රහය නොලද හෙයින් එය එතරම් ප්‍රබල නොවී ය. භික්‌ෂු ශාසනයක අවශ්‍යතාව ගැඹුරු ලෙස දැනුණු හෙයින් රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව වුව ද පටු අදහස්‌ වලින් තොර විචක්‌ෂණ බුද්ධිමත් ස්‌වාමීන් වහන්සේලා පිරිසකගේ ආශීර්වාදය සහිතව සැදැහැතියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ථෙරවාදී රටවල් අතුරෙන් මෑත ඉතිහාසයේ මුල්වරට යළිත් මෙරට මෙහෙණි සස්‌න ඇරඹිණ.

අසම්පූර්ණ ශාසනයක්‌ පැවති ශ්‍රී ලංකාවෙහි දැන් නැවත භික්‌ෂු ශාසනයක්‌ ඇති වී තිබීම අපේ භාග්‍යයකි. ලක්‌දිව පැවති භික්‌ෂු ශාසනය චීන දේශයට ප්‍රදානය කරන ලදුව එහි බොහෝ ගරු සරුව වැඩුණු නිර්මල මෙහෙණි සස්‌න දැන් අපට ලැබී තිබේ. මහායාන හෝ ථෙරවාද වැනි කවර දර්ශන ක්‍රමයක්‌ නිසාවත් උපසම්පදාව දූෂණය වන්නේ නැත. පැවිදි උපසම්පදාව සියලු සම්ප්‍රදායකටම එකසේ පොදු ශාසනික කටයුතු ය. එහෙයින් දැන් අපි අංග සම්පූර්ණ සිවුපිරිසෙන්ම සමන්විත බුදුසමයක සාඩම්බර උරුමකරුවෝ වෙමු.

දැනට ඇති එකම ගැටලුව බෞද්ධ රාජ්‍යයක්‌ යෑයි කියා ගන්නා ශ්‍රී ලංකාවේ කල්ලතෝනීන් බවට බෞද්ධ භික්‌ෂුන් පත්ව සිටීමයි. අන්‍යාගමික පූජකවරුන්ගේ නිකාය, සභා හෝ සංගම් හරසරින් පිළිගැනීමෙහිලා නොපැකිලෙන බෞද්ධයන් පවා මෙහෙණින් වහන්සේලා වෙත කුඩම්මාගේ සැලකිල්ල දැක්‌වීම විස්‌මය ජනකය. අපේ භික්‌ෂුහු දැනුමෙන් නුවණින් මෙන්ම කෞශල්‍යයන්ගෙන් ද නොදිළිඳුව ලෝවැඩ වඩන්නට සැරසී සිටිති. දැනට පැවිදිව සිටින භික්‌ෂු පිරිස තුන්දහසකට ආසන්න ය. ඒ අතර උගත් කාර්යශූර විචක්‌ෂණ තරුණ භික්‌ෂුහුද වෙති. ඔවුන් සවිබල ගන්වා සමාදරයෙන් පිළිගෙන එතුමියන්ගේ අසීමිත කුසලතාවන්ගෙන් වැඩ ගන්නට අප සමත් විය යුතු ය. තරුණ කාන්තාවන් යහමඟට ගෙන ප්‍රසන්න බෞද්ධ සමාජයක්‌ හැඩගස්‌වා ගැනීම සඳහා එතුමියන් වෙතින් ලද හැකි කාර්ය සාධනය ගැන සිතා ඉක්‌මණින් රජයේ අනුමැතිය ලබා දීමට බෞද්ධ ප්‍රභූන් උත්සුක විය යුතු ය. මෙතෙක්‌ ආ ජයග්‍රාහී ඉදිරි ගමන අනුව එම සාධනය මෑතදීම ලැබෙතැයි ශුභවාදීව අපේක්‌ෂා කරමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.