කුණු ප්‍රශ්නය උග්‍රවෙයි
නුවරඑළිය සම්බනධීකරණ
කමිටුවෙන් තොණ්‌ඩමන් අස්‌වෙයි

නුවරඑළිය - නාලක රත්නායක

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ කැළි කසළ ඉවත් කිරීම සම්බන්ධව ස්‌ථීර විසඳුමක්‌ ලබාදීමට රජයේ නිලධාරීන් අපොහොසත්වීම නිසා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු සම සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවා ඇත.

හැටන් නගරයේ එකතුවන කැළි කසළ මාස තුනක්‌ තිස්‌සේ ඉවත් නොකිරීම නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්‌ පැවැති බවත් තාවකාලික විසඳුමක්‌ ලෙස එම කසළ ටොන් සියයක්‌ පමණ කොටගල තම නිවෙස ඉදිරිපිට ලංකා කම්කරු කොංග්‍රස්‌ මූලස්‌ථානයට අයත් ඉඩමකට බැහැර කළ බවත් සඳහන් කරන තොණ්‌ඩමන් මහතා කසළ බැහැර කිරීම සම්බන්ධව කඩිනමින් ස්‌ථීර විසඳුමක්‌ ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.