ඉල්ලීම් 8 කට විසඳුම් නොදුන්නාට විරෝධය
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජන

අකිත පෙරේරා

ප්‍රධාන ඉල්ලීම් අටකට විසඳුම් ලබා නොදීමට එරෙහිව දුම්රිය රියෑදුරන් සහ නියාමකවරුන් (ගාඩ්) අද (20 දා) මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

නවක දුම්රිය නියාමකයන් බඳවා ගැනීමේදී සිදුවූ ගැටලු නිරාකරණය නොකිරීම, නියාමක ශ්‍රේණියේ අධිපංතියේ උසස්‌වීම් ලබා නොදීම, දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය මත පළමු පංතියේ උසස්‌වීම් ලබා නොදීම, නවක නියාමකයන්ගෙන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදීම හා තවත් පිරිසකට ලබා නොදීම, නවක නියාමක පුහුණු ශේ්‍රණිය ඉවත් කර සසස පන්තියට අන්තර්ග්‍රහනය නොකිරීම, වැරදි වැටුප් පත්‍රිකා ලබාදීම, දුම්රිය නියාමක, රියෑදුරු හා ස්‌ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ක්‍රම දෙකකට බඳවාගැනීම, නව මෙහෙයුම් කළමනාකරණ සේවාව නොපිහිටුවීම හා අදාළ වැටුප් විෂමතාව නිවැරදි නොකිරීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ද දුම්රිය සංගම් නායකයෝ කියති.

සිය වෘත්තීය ගැටලු නිරාකරණය කර දෙන බවට අගමැති ලේකම් සමන් ඒකනායක මහතා පෙර පැවැති සාකච්ඡාවකදී එකඟ වූ නමුත් ඒවා ඉටුකිරීම හෝ අඩුම තරමේ අදාළ පාර්ශ්ව සමඟ මෙතෙක්‌ සාකච්ඡාවක්‌ ලබාදී නැතැයි ද ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ජානක ප්‍රනාන්දු මහතා "දිවයින" ට කීය.

එබැවින් ඊට විරෝධය පළකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට අකමැත්තෙන් වුවද තම වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹන බව එම සංගමය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක්‌ ද යොමුකරමින් කියා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.