උතුරු මහ ඇමැතිට එරෙහි
විශ්වාස භංගය ඉල්ලා අස්‌කර ගනී

ආර්. සම්බන්ධන් උතුරු පළාත් ආණ්‌ඩුකාරට දන්වයි

චතුර පමුණුව, චමින්ද සිල්වා

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංගය ඉල්ලා අස්‌කර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ඊයේ (19 වැනිදා) දැනුම් දී ඇත.

දූෂණ හා වංචා චෝදනා හේතුවෙන් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමැතිවරුන් එම ධුරවලින් ඉවත් කිරීමටත් ඊට සමගාමීව ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක්‌ නිවාඩු ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමත් නිසා මේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ඉදිරිපත් විය.

එකී තීරණය වෙනස්‌ කිරීමට මහ ඇමැතිවරයා එකඟතාවය පළ කිරීම මත මෙම විශ්වාස භංගය ඉල්ලා අස්‌කර ගැනීමට තීරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තමාට විශ්වාස භංගය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දුරකථනයෙන් දැනුම් දෙනු ලැබුවත් එය ලිතව ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළ බවය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.