රටේ ඒකීයභාවය වෙනස්‌ නොවිය යුතුයි
නව ව්‍යවස්‌ථාවට ශ්‍රීලනිපයෙන් වගන්තියක්‌

ප්‍රියදර්ශන ලියනගේ

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ යෝජනාවලියට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය කිසිසේත්ම වෙනස්‌ නොවිය යුතුය යන වගන්තිය ඇතුළත් කිරීමට එම පක්‌ෂය තීරණය කර ඇතැයි එහි මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා "දිවයින"ට ඊයේ (19 දා) පැවසීය.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇති බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය යන වගන්තිය ඇතුළු රට තුළ ආගම, නිදහස තහවුරු වන වගන්ති කිසිදු සංශෝධනයකින් තොරව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ යෝජනාවලියට ඇතුළත් වන බවද ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්‌ඩතාව සහ ස්‌වාධිපත්‍යයට තර්ජනයක්‌ එල්ල වන කිසිදු වගන්තියක්‌ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් නොවිය යුතු යන දැඩි ස්‌ථාවරයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සිටින බවද නව ව්‍යවස්‌ථාව සියලුම ජාතීන්ට පිළිගත හැකි ව්‍යවස්‌ථාවක්‌ විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.