විශ්වාසභංගයෙන් බේරෙන්න
විග්නේෂ්වරන් හමුදා සහාය පතයි

චතුර පමුණුව

උතුරු පළාත් සභාවට එරෙහිව යන අයට විරුද්ධව හමුදාව යොදවන බව එහි ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

තමාට එරෙහිව ඇති විශ්වාසභංගය ඉවත් කරනතුරු යාපනය අස්‌ථාවරව පවතිනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු යෑයි ප්‍රකාශ කළ විග්නේෂ්වරන් මහතා දැන් හමුදාවේ සහය පැතීම පුදුම සහගත බව උතුරේ ආගමික නායකයෝ ප්‍රකාශ කර ඇත.

කලහකාරීන් මර්දනයට පොලිසියට අපහසු වුවහොත් ඒ සඳහා හමුදාව හෝ යොදවන බව විග්නේෂ්වරන් පවසා ඇත. කෙසේ නමුත් හමුදාව කැඳවීමේ බලයක්‌ උතුරු මහ ඇමැතිට නැත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.