රටේ ජාති භේදවාදී කෝලාහල
ඇති කිරීමේ ආණ්‌ඩුවේ කුමන්ත්‍රණයක්‌

වාසුදේව චෝදනා කරයි

අනුර බාලසූරිය

ජාති භේදවාදී කෝලාහල තත්ත්වයක්‌ රට තුළ ඇති කිරීමට ආණ්‌ඩුව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ ගෙන යන බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේa නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා චෝදනා කළේය.

ජාති භේද ප්‍රශ්නයක්‌ අද රටේ නැති බවත් තිබෙන්නේ යම් යම් තැන්වල පල්ලි, සිද්ධස්‌ථානවලට, ව්‍යාපාරික ස්‌ථානවලට පහරදීමේ සිදුවීම් කිහිපයක්‌ පමණක්‌ බවත්, පවසන මන්ත්‍රීවරයා මෙවැනි සිදුවීම් කරන්නේ ජාති භේද, කෝලාහල තත්ත්වයක්‌ ඇති කිරීමට බවත් සඳහන් කළේය.

පසුගිය මැතිවරණ සමය ළං වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ලවා අලුත්ගම ප්‍රදේශයේ සිද්ධියක්‌ ඇති කර උන්වහන්සේගේ පක්‌ෂපාතීත්වය මහින්ද රාජපක්‌ෂ මහතාට කියා පෙන්වා එතුමාට ලැබීමට තිබූ මුස්‌ලිම් ඡන්ද විශාල වශයෙන් නැති කළ බවත් මේ සියල්ලම යූ. එන්. පී. යේ කුමන්ත්‍රණ බවත් වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.

චම්පික රණවක ඇමැතිවරයා හොඳම කුමන්ත්‍රණකාරයා බවත්, ඔහු විසින් ඥනසාර හිමියෝ මෙම ප්‍රචණ්‌ඩ ක්‍රියාකාරීත්වයව මෙහෙය වූ බවටත් චෝදනා කළ වාසුදේව නානායක්‌කාර මහතා ආණ්‌ඩුවේ බලය රැක ගැනීමට ඊළඟ ජනාධිපතිවරණයේදී ඥනසාර හිමියන් ජනාධිපති අපේක්‌ෂකයෙකු ලෙස එවීමේ සූදානමක්‌ දැයි සැකයක්‌ ඇති වී තිබෙන බවත් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.