ඊළාම් සංවිධාන 5 කට එකම දින
ජිනීවා කවුන්සිලය ඇමතීමට ඉඩ

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා එල්ල කිරීම සඳහා එකම දිනක්‌ තුළ ඊළාම්වාදී සංවිධාන පහකට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් ඉඩ දී ඇත.

මෙම මානව හිමිකම් කවුන්සිලය ඇමතීම සඳහා ශ්‍රී ලාංකික නීතිවේදී දර්ශන වීරසේකර මහතාට අවස්‌ථාව උදාවුවද අවසාන මොහොතේ ඒ මහතාගේ කතාව වෙනත් දිනයකට කල් දමා තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතීම සඳහා ස්‌විස්‌ නාගරික මන්ත්‍රී නීලා මානික්‌කවාසගරටද ලැබී තිබූ අතර ඇය ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ උපත නොලැබූ නීලා කිසි දිනෙක ශ්‍රී ලංකාවට පැමිණ ද නැත.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වූ නිමල්කා ප්‍රනාන්දු ද කොටි ක්‍රියාකාරීන් රැසක්‌ ද ඊයේ (19දා) මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියහ.

කොටි ඩයස්‌පෝරාව මෙවර මානව හිමිකම් කවුන්සිලය ඇමතීම සඳහා ශ්‍රී ලංකාවෙන් පලා ආ බව පවසන ඊළම්වාදීන් පිරිසක්‌ යොදා තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.