සියලු ජාතික පාසල්වල
ගුරු පුරප්පාඩු පුරවන්න

අධ්‍යාපන ඇමැති නිලධාරීන්ට උපදෙස්‌ දෙයි

සියලුම ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (19 වැනිදා) නිවේදනය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේa රැස්‌වීමේදී ඇමැතිවරයා මෙලෙස උපදෙස්‌ දී ඇති අතර ඒ පිළිබඳව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු හා අතිරික්‌ත ගුරුවරුන් සම්බන්ධ තොරතුරු අනුව ගුරු තුලනය කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස්‌ දුන් අමාත්‍යවරයා දීර්ඝ කාලයක්‌ පුරා එකම ජාතික පාසලක සේවය කරන ගුරුවරුන් සඳහා ස්‌ථාන මාරු ලබාදීමටත්, ජාතික පාසල්වල පවතින ගුරු ඌණතා සහ පවතින ගුරු පුරප්පාඩු සඳහා පළාත් රාජ්‍ය සේවයෙන් නිදහස්‌ කර ඇති සුදුසුකම් සහිත පළාත් ගුරුවරුන් ජාතික පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස්‌ ලබා දුන්නේය. මීට අමතරව ශ්‍රේණිධාරි ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.