දෙහිවල සතුන් වත්තෙන් ඩෙංගු තවාන්

අජිත් අලහකෝන්

දෙහිවල සතුන් වත්තේ ස්‌ථාන කිහිපයකම ඩෙංගු මදුරු කීටයන් සිටින බවට දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් සොයාගෙන තිබේ.

මීට පෙර අවස්‌ථා කිහිපයකදීද දෙහිවල සතුන් වත්තෙන් ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන ඇත. මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීමට එම පාලන අධිකාරිය නිසි ක්‍රියා මාර්ග නොගැනීම නිසා මින් මැඳුරේ සේවිකාවකට සහ සේවකයින් දෙදෙනකුට ඩෙංගු රෝගය වැළඳී ඇත.

ඒ අනුව දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එන්. ශාන්තන් සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් කරන ලද පරීක්‍ෂාවකදී සතුන් වත්තේ දිවියන් සඳහා වෙන්කර ඇති ප්‍රදේශයේ ජල පොකුණක සහ තවත් ස්‌ථාන දෙකක සිටි මදුරු කීටයන් සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සතුන් වත්තේ සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට එහිදී දඩ මුදල් නියම වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.