රුහුණු මහා කතරගම දේවාලයේ
ඇසළ පෙරහර ජුලි 24 දා

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ලබන ජුලි මස 24 වැනි දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

ඇසළ මංගල්‍යය ස`දහා මේ වන විට කතරගම පුදබිම විවිධ අයුරින් පිරිසිදු කිරීමටත් අලංකාර කිරීමටත් බස්‌නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතා මේ දිනවල ක්‍රියා කරමින් සිටී.

දේවාල භූමියෙත් කිරිවෙහෙර මාර්ගයේත් ඇති වැලි ඉවත් කර අලුතින් වැලි දැමීම මේ වන විට බස්‌නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා විසින් ආරම්භ කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.