චැම්පියන්ස්‌ අවසන් සටනෙන් පසු...
ඉන්දියාව ගිනි ගනිද්දී
පාකිස්‌තානයට රජ මඟුල්


අසේල විතාන ලන්ඩන් නුවර සිට

දේශ සීමා අරගලයෙන් ප්‍රබල ප්‍රතිවාදීන් බවට පත්ව සිටින පාකිස්‌තානය සහ ඉන්දියාව අතර පැවැති චැම්පියන්ස්‌ කුසලාන අවසන් මහා තරගයේ ජය පහසුවෙන්ම පාකිස්‌තානය උදුරා ගනිද්දී ඕවල් ක්‍රීඩාංගණයට පැමිණ සිටි පාකිස්‌තානුවන්ගේ ප්‍රීතිය ඉහවහා ගොස්‌ තිබුණි. එහිදී ඉන්දියානු පේ‍රක්‍ෂකයන් සුපුරුදු පරිදි පරාජයේ වේදනාව තුනී කර ගත්තේ ඔවුන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ ඡායාරූප කෑලි කෑලිවලට ඉරා දමමිනි.

කෙසේ වෙතත් ලන්ඩන් නුවරට විටින් විට සිදුවූ ත්‍රස්‌ත ක්‍රියා කිහිපයක්‌ හේතුවෙන් මෙම තරගයට දැඩි ආරක්‌ෂක වළල්ලක්‌ යොදා තිබූ බැවින් වැඩි කලබලයක්‌ කිරීමට ප්‍රෙක්‍ෂකයන්ට නොහැකි විය. පාකිස්‌තාන් ක්‍රීඩකයන් ජයග්‍රහණයෙන් පසුව ගීත ගායනා කරමින් ප්‍රීති වෙද්දී ඉන්දියානුවන්ගේ හිත යොමුව තිබුණේ සිය ගේදොර පිළිබඳවය.

ඉන්දියානු හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට වැඩි ආරක්‌ෂක වළල්ලක්‌ යොදවා තිබූ අතර අනෙක්‌ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ නිවෙස්‌ සඳහා ද විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදවා ඇති බව සඳහන් වේ. පාකිස්‌තානයේ යුද හමුදා ප්‍රධාන ජනරාල් ජාවිඩ් බඡ්වා තම යුද හමුදා සෙබළුන්ද මෙම ජයග්‍රහණයෙන් ඉතාමත් ප්‍රීතියට සහ උද්දාමයට පත්වූ බවත් ඔවුන් නර්තනයේ යෙදෙමින් විනෝද වූ බවත් සඳහන් කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.