වැරදුණු තැන කියන්න කෝලිට ලැඡ්ජා නැතිලු

පාකිස්‌තානය සමඟ පැවැති අවසන් මහා තරගය පරාජය වූයේ තමාගේ කණ්‌ඩායමේ සියලුම අංශ දුර්වල වීම නිසා බව පවසන ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි තමාගේ කණ්‌ඩායමේ අභිමානය පිළිබඳව ආඩම්බර වන බව පැවසීය. ඕවල් ක්‍රීඩාංගණයේදී පාකිස්‌තානය හමුවේ ලකුණු 180 ක පරාජයක්‌ ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කෝලි ඉහත අදහස්‌ පළ කර සිටියේය.

''අපි කණ්‌ඩායමක්‌ වශයෙන් අභිමානවත් ක්‍රීඩාවක නිරත වුණා. නමුත් අවසන් තරගය දවසේ අපේ සියලු අංශ කඩා වැටුණා. කණ්‌ඩායමක්‌ ලෙස අපි මුහුණ දෙන පීඩනය පිළිබඳව තේරුම් ගෙන තමයි හැම විටම ක්‍රීඩා කරන්නේ. නමුත් පාකිස්‌තානය පන්දු යෑවීමෙන්, පිතිකරණයෙන් මෙන්ම පන්දු රැකීමෙන් හොඳ ක්‍රීඩාවක නිරත වුණා. අපි අපේ දුර්වලතාව කියන්න ලැඡ්ජා වෙන්නෙ නැහැ. ඇත්තටම අපේ හොඳම දේ අවසන් තරගයේදී එළියට ආවෙ නැහැ.'

ආරම්භයේදී ඉක්‌මනින් කඩුලු දවා ගැනීමට නොහැකි වූ බවත් ලොකු සබඳතාවක්‌ පිහිටුවීමෙන් පාකිස්‌තාන් මැද පෙළ පිතිකරුවන්ට රිසි සේ පන්දුවට පහරදීමට හැකි වූ බවත් කෝලි පවසා සිටියි. ෆාකාර් සාමාන් හතර වටේට පහර දෙන විට ඔහුව වලක්‌වා ගැනීමට නොහැකි වූ බවද කෝලි පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.