ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයා පොලිස්‌පති

හේමන්ත රන්දුණු



ලෝකයේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් නිරීක්‌ෂණය හා අගයන ආයතනයක්‌ වන World HRD Congress ආයතනය විසින් සංවිධානය කරන ලද 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයාට හිමි (ජීවිතයේ එක්‌ වරක්‌ පමණක්‌ ප්‍රදානය කරන) සම්මානය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා වෙත පිරිනමා ඇත.

පෙරේදා (13 දා) රාත්‍රී කොළඹ ටා- සමුද්‍රd හෝටලයේ පැවති උත්සවයකදී එම සංවිධානයේ දේශීය සහ ජාත්‍යන්තර නියෝජිතයන් විසින් මෙම සම්මානය පොලිස්‌පතිවරයා වෙත පිරිනමා තිබේ.

මෙහිදී එම ආයතනයේ ප්‍රධානීහු ශ්‍රී ලංකා පොලිසිය ඇගයීමට ලක්‌ කළහ.

හොඳම සේවා යෝජකයා තෝරාගැනීම World HRD Congress ආයතනයේ ජාත්‍යන්තර විනිශ්චය මණ්‌ඩලයක්‌ විසින් සිදුකරන ලදී.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂිත සේවා යෝජකයන් 14 දෙනකු මුලින් තෝරාගෙන සිටි අතර ජාත්‍යන්තර විනිශ්චය මණ්‌ඩලය විසින් අවසානයේදී හොඳම සේවා යෝජකයා ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඒකමතිකව තෝරා ගෙන තිබිණි.

World HRD Congress ආයතනයේ නියෝජිතයන් විසින් අදාළ සම්මානය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්‌වෙයි.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.