අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්‌ විය යුතු...

දැනුම, කුසලතා, සංස්‌කෘතික අගයන් සම්ප්‍රේෂණය කිරීම සඳහා මඟපෙන්වන ප්‍රධාන සමාජ ආයතනය අධ්‍යාපනයයි. මෙය ඉංග්‍රීසි භාෂාවේ edමජ්එසදබ යන්න ලතින් භාෂාවේ edමජ්රු යන්නන් එලෙස බිදී ආවකි. එහි අදහස වන්නේ මතු කර ගැනීම යන්නයි. එලෙස මතු කර ගන්නේ දක්‌ෂතා, ආකල්ප, වටිනාකම් සහ උරුමයන්ය. ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජුලියස්‌ නියරේරේ පවසන්නේ සමාජයේ රාශිභූතව පවතින ප්‍රඥාව හා ඥානය එක පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමෙන් සමාජයේ අනාගත පුරවැසියන් වෙනු පිණිස හා සාමාන්‍ය පවත්වා ගෙන යැමට සුදුසු පරිදි ළමා පරපුර සකස්‌ කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනයයි යනුවෙනි. ඒ අනුව අධ්‍යාපනය යන්න සජීවී මාධයයකි. මෙම සජීවී දැනුම වැඩි ඵලදායිතාවකින් යුතුව ඉදිරි පරපුරට ගෙන යැම තුළින් සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක්‌ නිර්මාණය වේ.

නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය තුළ බොහෝ දුර්වලතා දක්‌නට ලැබේ. මෙය පෙර පාසල් අධ්‍යාපනයෙන්ම ආරම්භ වේ. වයස අවුරුදු තුන හතර කාලයේදී බොහෝ දරුවන් පළමුව විධිමත් අධ්‍යාපනයකට යොමුවීම ආරම්භ කරන්නේ පෙර පාසලෙනි. පෙර පාසල් අධ්‍යාපනය දරුවකුට ලැබීම අනිවාර්ය නාවූවද බොහෝ දෙමාපියෝ දරුවන් මේ සඳහා යොමු කරති. පෙර පාසල් සඳහාද රජය විසින් නියාමනය කරන ලද නීති පද්ධතියක්‌ පැවැතිය ද එය නිසි ලෙස ක්‍රියාත්මක වනවා ද යන්න ගැටලුවකි. මේ මගින් මූලිකත්වය දිය යුත්තේ දරුවකුගේ පෞරුෂය වර්ධනය කිරීමටයි. මනෝ විද්‍යානුකූලව දරුවකු තමා කවුරුන්ද යන්න ස්‌වයං අධ්‍යයනයක යෙදන්නේ මෙම අවධිය තුළය. එවිට දරුවා තුළ "මම දක්‌ෂය, මට මෙය කළ හැකිය." යන්න ජනිත වෙයි. ඒ සඳහා නිසි ක්‍රියාකාරකම් සංවිධානය කළ යුතු අතර කිසිදු විටෙක දරුවාට තරගකාරිත්වය, හීනමානය හා අභිමානය ඇතිවීමට ඉඩ නොදිය යුතුය. එසේ වුවහොත් පුංචි මල් කැකුළු පිපෙන්නට පෙරම මියෑදෙනු ඇත.මේ අවධියේ දරුවාට කවි, ගීත, කතන්දර දැන හුරු කිරීමේ ක්‍රියාකාරකම් පෙර පාසල් මගින් කළ යුතුව තිබේ. ඒ වගේම එකී එක්‌ පෙරපාසල්වල වල විවිධ අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරයි.

පෙර පාසල් අධ්‍යාපනය මෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශේ්‍රණිය දක්‌වා ප්‍රාථමික අධ්‍යාපනය ද වෙනසකට බඳුන් විය යුතුය. පළමු වසර දෙක තුළ දරුවාට ලිවීම, කියවීම මෙන්ම සමාජ ආචාර ධර්ම ඉගැන්විය යුතුය. නමුත් වර්තමානය් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ දරුවාට තරග කිරීමට ඉගැන්වීම හැර වෙනත් යමක්‌ සිදු නොවේ. මේ නිසා දරුවාගේ නිර්මාණශීලිත්වය, නර්තනය, ස්‌වාධීනත්වය යන සියලු දේ විනාශ වේ. ඒ අනුව ශිෂ්‍යත්වය දරුවන්ගේ නොවන මව්පියන්ගේ විභාගයක්‌ බවට පත්ව තිබේ.

වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය තුළ සිසුන්ගේ දක්‌ෂතාව යටපත් කොට තරඟකාරිත්වය ඉස්‌මතු කර තිබේ. අධ්‍යාපන රැල්ලට ගසාගෙන ගොස්‌ නැවතී ආපසු හැරී බලනවිට තමා ජීවිතයේ මුල වරද්දාගත් බව බොහෝ දෙදෙනකුට අවබෝධ වේ. එයට වගකිව යුත්තේ නිසි හැකියාවන් සංවර්ධනය කිරීමට පාදක නොවන තරලගකාරී අධ්‍යාපන රටාවයි. අධ්‍යාපනය පොත පතට පමණක්‌ සීමා නොකර සමාජයේ ජීවත්වීමේ අත්දැකීම්ද දරුවාට ලබා දිය යුතුය. ඒ වගේම ලොවට පිවිසීමට මං මාවත සකසන තොරතුරු තාකෂණය, සන්නිවේදන විෂයට, විවිධ භාෂා විෂයයන් කෙරේ වැඩි අවධානයක්‌, ඉඩකඩක්‌ ලබාදිය යුතුය. ඒ වගේම ලෝකය තාක්‌ෂණය, දැනුම අතින් වේගයෙන් ගමන් කිරීම නිසා විෂයන් යාවත්කාලීන කළ යුතුය.

උසස්‌ පෙළ අධ්‍යාපනය තුළද විශාල වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමේ ප්‍රධානම තරග විභාගයන් සේ සලකන්නේ උසස්‌ පෙළ විභාගයයි. එහිදී පාසල් පද්ධතිය තුළ පවතින සම්පත් බෙදී යැමේ විෂමතාවය මෙතල සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ හිඟකමද විශාල ගැටලුවකි. ජාතික පාසල, නවෝද්‍යා පාසල්, වැනි වර්ගීකරණයෙන් පාසල් පද්ධතිය තුළින් ඉවත් කළ යුතුය.

පී.එම්.ඩී.එම්. රත්නායක
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

 

 
Powered By -


 සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.