අදටත් අවධානයට ගත යුතු
අදිකාරම් යුගයේ අධ්‍යාපන සමීක්‌ෂණයක්‌

නුගේගොඩ සරසවි පොත්හල නිකුත් කරන... ධ්‍යාන... සඟරාවක්‌ මට කියවන්නට ලැබුණි. (2014 -5)

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා කළ අපූරු අධ්‍යාපන සමීක්‌ෂණයක ප්‍රතිඵල ගැන එහි හෙළිදරව්වක්‌ විය. සමීක්‌ෂණයේ අරමුණව ඇත්තේ, ළමයි කැමති කවරාකාර පාසල් ගුරුවරුන්ට ද යන්න නිනව් කර ගැනීම ය. 1960 ආධාර පාසල් රජයට ගැනීමට පෙර, මෙරට බෞද්ධ පාඨශාලා සාමාන්‍යධිකාරිව සිටියේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ශූරීන් ය. සිය සමීක්‌ෂණය සඳහා පාසලක්‌ හා දරු පිරිසක්‌ භාවිතා කරන්නට, අදිකාරම් මහතා, එවක සිටි අධ්‍යාපන ඇමතිවරයාගෙන් අවසර ලබාගෙන ඇත. උෙද්‍යාaගිමත් ප්‍රධානාචාර්යවරයකු සිටි පාසලක්‌ තෝරා ගත් අදිකාරම් ශූරීහු, එහි ප්‍රාථමික සිසු දරුවන් සමූහයක්‌ (150) හරහා සමීක්‌ෂණය කර ඇත. දරුවන් දහ දෙනකුට එක ගුරුවරියක බැගින් ලබා දුන් අදිකාරම් මහතා, යම් කාලයක්‌ ඒ ගුරුවරියන් ගෙන දරුවන්ට ඉගෙනීමට ඉඩ සලසා ඇත. ඒ කාල සීමාවෙන් පසුදින පාසලේ ප්‍රධානාචාර්ය හා ගුරුවරියන් දහදෙනා රහිතව සිසුන් හා කතිකාවක යෙදුණු අදිකාරම් මහතා, දරුවන්ට ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කර තිබේ.

''ගුරුවරියන් දහ දෙනා අතරින් තමන් ඉතා කැමති යහපත් තැනැත්තියක්‌ තමාට හඳුන්වා දෙන ලෙසය''.

ළමෝ තමන් කැමති යහපත් ගුරුවරියන් කීප දෙනකු අදිකාරම් මහාතාට හඳුන්වා දී ඇත. දරුවන් අතරට ගිය අදිකාරම් මහතා, තමන් ඒ ගුරුවරියන් තෝරා ගත්තේ, ඔවුන්ගේ කවරාකාර ගතිගුණ නිසා දැයි ඔවුන්ගේ හිස්‌ අත ගා ආදරණීයව විමසා තිබේ. තමන් ඉතා කැමති යහපත් ගුරුවරියන් ලෙස, දරුවන් නම් කර තිබුනේ මුහුණ හා ශරීරාංග ලස්‌සන ගුරුවරියන් නොවේ. යමක්‌ පහදා දෙද්දී තමන්ට බල නොකළ, තමන්ට නිතරම කාරුණිකව කථා කළ, තමන් වෙත කිසි විටෙක තරහ මානසිකත්වයක්‌ නොපෑ, තමන්ට පංතිවලදි හිරිහැර නොකළ ගුරුවරියන් ය. එකී සමීක්‌ෂණ ප්‍රතිඵල අපේ රටට අදත් මාර්ගෝපදේශ කරගත හැකි බව අපේ ප්‍රත්‍යක්‌ෂය. ශාරීරික නොවන ඒ ගුරු වෘත්තීය ලස්‌සන, කුඩා දරුවන් ඉවෙන් මෙන් වටහාගෙන සිටි බවත්, එබඳු ගුරුවරියන් තම පංතිභාර ගුරුවරු වෙනවාට ළමයි ඉතා කැමැත්තක්‌ දක්‌වා සිටි බවත්, අදිකාරම් මහතා පසුව හෙළිකර ඇත. එසේ නොවන ගුරුවරියන් ළඟ ගැවසෙන්නටවත් දරුවන් කැමැත්ත දක්‌වා නැත. තමන් අකැමති එබඳු ගුරුවරියන්ගෙන් ඉගෙනීම ලද ළමයි කලකදී ඉගෙනීම අතහැර පාසල් අප්‍රිය කරන්නත් වන බවද අදිකාරම් මහතා හෙළිකර ඇත. අදත් මෙරට පුරා බොහෝ පාසල්වල, ඒ අභාග්‍යසම්පන්න තත්ත්වය පවතින බව අපේ අත්දැකීමය. අදිකාරම් යුගයේ මෙන්ම අදත්, ඒ අභාග්‍යසම්පන්න තත්ත්වය හානි කරන්නේ මෙරට ගැමි දුගී පවුල්වල දරුවන්ට ය. රට අයිති දරුවන්ට ය. බාහිරි කායික පෙනුමෙන් සුරූපි හා හැඩැති ගුරුවරුන්ගෙන් වර්තමාන පාසල් ගුරු මණ්‌ඩල පිරිලා ය. ඔවුනතර බහුල ගුරිවරියන් ය. අදත් පාසල්වල ප්‍රාථමික ශේ්‍රණි (1-5) භාර ගුරුවරියන්ට ය. ඔවුන්ගේ මුහුණ හා ශරීරාංග පමණක්‌ නොව ඇඳුම් පැළඳුම් පවා විෂයාතික්‍රාන්තය ගමන් බිමන් ලීලාද ලතාමය ය.

එහෙත්·.

ඔවුන් බොහෝ දෙනකුගෙන් උගන්නා බොහෝ දරුවනට ඉතා සරල.... මැයක්‌... ගැන කෙටි වාක්‍ය තුනක්‌ ලියාගත නොහැක· (2016 -5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල හරහා - දිවයින - ප්‍රථම වරට රටට හෙළි කළ පුවත·)

සිරිල් එෙŒරමුල්ල

සංස්‌කරණය නිලන්ත මදුරාවල

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.