2017 ජුලි  17 සඳුදා

 

 
    DIVAINA EDITOR

  CONTACT WEBMASTER

විද්‍යා ඝාතන සැකකරු
මුදාහැරියෑයි චෝදනා
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ
නි. පොලිස්‌පති රිමාන්ඩ්
යාපනයේ විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ස්‌විස්‌ කුමාර් නමැත්තා මුදාහැරිය බවට චෝදනා එල්ල වූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (16 දා) කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

රිමාන්ඩ් භාරයේ සිටින
සිසුන් නිදහස්‌
නොකළොත්
දෙමාපිය කමිටුව
ජිනීවා යයි
සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළුවී පොදු දේපළවලට හානි කළේ යෑයි කියමින් රිමාන්ඩ් භාරයට පත්කර සිටින විශ්වවිද්‍යාල සිසුන් වහා නිදොස්‌ කර නිදහස්‌ නොකළොත් ඊට එරෙහි සියලු සාක්‍ෂි රැගෙන ජිනීවාහි අන්තර් ජාතික මානව හිමිකම් කොමිසම වෙත යාමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය කමිටුව තීරණය කර ඇත.

මදුරුවන්ගෙන්
බේරෙන්න
පාසල් ඇඳුම
වෙනස්‌ කිරීමට
විදුහල්පතීන්ට උපදෙස්‌
මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස්‌ කිරීමට අදාළ උපදෙස්‌ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.
ඩෙංගු මදිවට
නියඟයෙනුත් තර්ජන
ඩෙංගු මෙන්ම නියඟය ද දිස්‌ත්‍රික්‌ක කීපයකට මේ වන විට තර්ජනයක්‌ වී ඇති බවත්, මේ නිසා ජලය අරපිරිමැස්‌මෙන් භාවිත කිරීමට සියලු දෙනා උනන්දු වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අභියෝග පරදා
ජනපති වෙනුවෙන්
පෙනී සිටීමට
ශ්‍රීලනිපය සූදානම්

- ශ්‍රීලනිප මහ ලේකම්
දුමින්ද දිසානායක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ගැටවලට හසුවී ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරුන් කිසිවකු හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව දේශපාලන වශයෙන් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වුවහොත් ඒ සියලු අභියෝග පරාජයට පත්කොට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා "දිවයින"ට ඊයේ 16 වැනිදා පැවැසීය.
ආණ්‌ඩුව පලා බෙදුවොත් මට එළියට යන්න වෙනවා
නි. ඇමැති රන්ජන් රාමනායක
රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට "යන්න වෙනවා" යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා 'දිවයින'ට ඊයේ (16 දා) කියා සිටියේය.
විදේශ සේවා නියුක්‌තිකයන්
එවන මුදල්
15.6% කින් අඩු වෙලා

මහ බැංකුව
විදේශ සේවා නියුක්‌තිකයන් ඉකුත් අප්‍රේල් මාසයේදී එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය සියයට 15.6 කින් පහත වැටී ඇත.

යාපනයේ විද්‍යා සිසුවිය

මාස 6 1/2 ට
ඩෙංගු  මරණ 272ක්‌

ගතවූ මාස හයහමාරක කාලය ඇතුළත ඩෙංගු වැළඳී පුද්ගලයන් 272 දෙනකු මරුමුවට පත් වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එසේම මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 91,000 ක්‌ පමණ වාර්තා වන බව ද එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ඊපීඑෆ් නිලධාරීන් 20ක්‌ ගැන මහ බැංකුවෙන් පරීක්‍ෂණ
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
නෙවිල්
ප්‍රනාන්දු රෝහල
රජයට පවරා
ගැනීම අද
මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17 දා) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
ගැසට්‌
නිවේදනයෙන්
ලබන වසරේ
අප්‍රේල් පෝය
වෙසක්‌ කරලා

- සිසිර ජයකොඩි
ලබන වසර (2018) සඳහා රජයේ නිවාඩු දින දන්වමින් රජය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින් 2018 අප්‍රේල් 29 වැනිදාට යෙදෙනෙ පොහොය වෙසක්‌ පෝ දින ලෙස නම් කරමින් බරපතළ විකෘතිතාවක්‌ සිදුකර ඇතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
මීතොටුමුල්ල
කුණු කන්ද
කඩා වැටී
තෙමසක්‌ සපිරේ

නිවසේ
බිත්තියට යට වී
සිව් හැවිරිදි
දරුවා මරුට
නිවසේ බිත්තියක්‌ කඩා වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 14 දා මියගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

 
  • සයිටම් අර්බුදයේ ඇතුළාන්තය

    අධ්‍යාපනය පිළිබ`ද මෙම ගැටලුව රටේ උණුසුම් දේශපාලන ප්‍රශ්නයක්‌ සේ සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ සේ කරලියට පැමිණියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි බලවත් ක්‍රියාකාරී සංගමයක්‌ මෙහි කොනකට සම්බන්ධ බැවිනි. මෙය වෛද්‍ය උපාධියට හා වෛද්‍ය වෘත්තීයට අදාළ ප්‍රශ්නයක්‌ නොවන්නට සෙසු අධ්‍යාපන ප්‍රශ්න මෙන් කාලයේ වැලිතලාවෙන් වැසීයැමට ඉඩ තිබුණි. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ හෝ උසස්‌ අධ්‍යාපනයේ පවතින ගැටලු විසඳා ගැනීමට මෙවැනි ''කුලප්පුවක්‌'' නොවීම කනගාටුවට කරුණකි. එය ජාතියේම අවාසනාවකි.
     
  • උසස්‌ පෙළ විභාගයට
    සාර්ථකව මුහුණ දෙන හැටි


    විභාගයක්‌ කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්‌විචයක්‌ නිවා දමනවා වගේ ක්‍රියාවක්‌ නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්‍රියාශීලීයි. උදාහරණයක්‌ වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්‌වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක්‌ ලියන්න අමතක වන්නේ ඒ නිසයි.
     
  • උසස්‌ පෙළ විභාගයට දැඩි රැකවල්
    දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් පෙනී සිටින
    පිට පළාත් අයදුම්කරුවන්ට දැඩි පියවර:
    පොලිස්‌ ආරක්‍ෂාව ද වැඩි කරයි

    උසස්‌ පෙළ විභාගයට සියල්ල සූදානම් ය. අගෝස්‌තු මස 8 වැනිදා විභාගය ආරම්භ කෙරේ. උසස්‌ පෙළ යනු අතිශය තීරණාත්මක කඩඉමක්‌ හෙයින් සිසුහු සිය උපරිම ය යොදති. විභාගයට පෙනී සිටින බොහෝ පිරිසකගේ එක ම අරමුණ කෙසේ හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම ය. ඒ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් සිසුන් නොගන්නා උත්සාහයක්‌ නැත. නොකරන දෙයක්‌ නැත. සාපේක්‍ෂ වශයෙන් ගත් කල සාමාන්‍ය පෙළ විභාගයට වඩා විභාග වංචා සිදු වන්නේ ද උසස්‌ පෙළ විභාගයේදී ය.

  


 
  • හේරත්ගේ කරකැවිල්ලට
    රාසා හරස්‌ වෙද්දී
    සිම්බාබ්වේ මුවහත් වෙයි


    එක පිට එක කඩුලු දවා ගනිමින් පෙරළියක්‌ කරන්නට සැරසුණු රංගන හේරත්ගේ කඩුලු මැෂිමට විවේකයක්‌ ලබාදුන් ෂිකන්දර් රාසා ලබාගත් අර්ධ ශතකයෙන් යළිත් මුවහත් වූ සිම්බාබ්වේ පිල තරගයේ තෙවැනි දිනට (16 දා) නවතා දමන විට කඩුලු 6 ක්‌ දැවී ලකුණු 252 ක්‌ ලබා සිටියේය. ඔවුන් පළමු ඉනිමේදී ලබාගත් ලකුණු දහයක වාසියත් සමග මේ වන විට ලකුණු 262 ක්‌ ඉදිරියෙන් පසුවේ.
     
  • හත වැදී සිටි ශ්‍රී ලංකා කාන්තා
    පිලට පාකිස්‌තානයෙන් සැනසුමක්‌


    එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පළමු ජය පකිස්‌තානයට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. ලෙෂ්ටර්හිදී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 15 ක ජයක්‌ හිමිවිය.
     
  • පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී
    දිනේෂ්ගෙන් රිදී පදක්‌කමක්‌


    එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ රිදී පදක්‌කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් විය. ඉකුත් 2016 වසරේ බ්‍රසීලයේ පැවැති පැරාලිම්පික්‌ තරගාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රන් පදක්‌කම දිනා ගැනීමටද දිනේෂ් සමත් විය.
     

  





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.