නෙවිල් ප්‍රනාන්දු රෝහල
රජයට පවරා ගැනීම අද

නෝමන් පලිහවඩන

මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17 දා) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

මෙම අවස්‌ථාවට සහභාගි වන ලෙස රජයේ ප්‍රධානීන් රැසකට ඇරයුම් කර ඇතැයි දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා 'දිවයින' ට කියා සිටියේය.

බිලියන 3 ක්‌ වටිනා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරනු ලබන්නේ එහි සේවය කරන කාර්ය මණ්‌ඩලය සහ උපකරණ ඇතුළු සියලුම භාණ්‌ඩ ද සමඟය.

මෙම රෝහල රජයට පරිත්‍යාග කිරීමෙන් කිසිම මුදලක්‌ රජයෙන් ලබා නොගන්නා බව ද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.