ඩෙංගු මදිවට නියඟයෙනුත් තර්ජන

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

ඩෙංගු මෙන්ම නියඟය ද දිස්‌ත්‍රික්‌ක කීපයකට මේ වන විට තර්ජනයක්‌ වී ඇති බවත්, මේ නිසා ජලය අරපිරිමැස්‌මෙන් භාවිත කිරීමට සියලු දෙනා උනන්දු වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උතුර - නැගෙනහිර උතුරු මැද යන පළාත් සහ දිස්‌ත්‍රික්‌ක කීපයකට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පීඩාවට පත් දිස්‌ත්‍රික්‌කවල ජනතාව වෙනුවෙන් ජලය බවුසර් මගින් බෙදා හැරීමට සහ එම ප්‍රදේශවල ජල ටැංකි ස්‌ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි ද එම මධ්‍යස්‌ථානය කියයි.

අවශ්‍යතා සහිත ප්‍රදේශ හඳුනාගෙන බවුසර් මගින් ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.