රොක්‌හිල් ගල්කන්ද ලඳු කැලෑවේ අක්‌.10 ක්‌ ගින්නෙන් වැනසේ

සොරණාතොට - ජනක විඡේනායක

බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රාදේශීය සභා කාර්යාලයට ඉහළින් පිහිටි රොක්‌හිල් ගල්කන්ද ප්‍රදේශයේ පසුගිය 14 දා රාත්‍රි කාලයේ හටගෙන තිබූ ගින්නක්‌ සම්පූර්ණයෙන් ම පාලනය කිරීමට හැකි වූ බව ආපදා කළමනාකරණ ඒකකයේ බදුල්ල දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂවරයා පවසයි. ගින්න හේතුවෙන් අක්‌කර දහයක පමණ ලඳු කැලෑව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වනසතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක්‌ විසින් මෙම ලඳු කැලෑවට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මේ දිනවල පවත්නා වියළි කාලගුණය හා තද සුළං තත්ත්වය නිසා ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක්‌ දැරීමට සිදු වූ බවත් ගින්න පාලනය කිරීම සඳහා බදුල්ල දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය පොලිසිය යුද හමුදාව සහ බදුල්ල නාගරික ගිනි නිවන ඒකකය සහාය ලබා දුන් බව ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.