නිවසේ බිත්තියට යට වී
සිව් හැවිරිදි දරුවා මරුට

සොරණාතොට - ජනක විඡේනායක

නිවසේ බිත්තියක්‌ කඩා වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 14 දා මියගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ හාලිඇල උණගොල්ල වත්තේ මොරගොල්ල කොටසේ පදිංචිව සිටි යෝගරාජා ප්‍රකාශ් (අවු.4) නමැති දරුවෙකි.

බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්¾ ඇම්. ඒ. එස්‌. පී. රත්නායක මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ අතර, බදුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. ලීලාරත්න මහතා හාලිඇල පොලිසියේ මෙහෙයවීම මත මරණ පරීක්‍ෂණය සිදු කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.