මාර්ග සංවර්ධන කාර්මික
නිලධාරීහු අද සිට වෘත්තීය ක්‍රියා...

දඹුල්ල - සරත් එරමිණිගම්මන

ප්‍රධාන ඉල්ලීම් හයක්‌ ඇතුළු ඉල්ලීම් 18 ක්‌ මුල් කර ගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන් අද (17 දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මාර්ග සංවර්ධන කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජෝර්ඡ් අරුනාධ මහතා කියයි.

වසර 10 ක්‌ තිස්‌සේ බලධාරීන් විසින් තම ඉල්ලීම පිළිබඳව මුනිවත රකින බවට චෝදනා කරන ලේකම්වරයා අද සිට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ගයන්හි රාජකාරියෙන් බැහැර වන බවත් ජංගම දුරකථන මාර්ගයෙන් සිදු කෙරෙන තාක්‍ෂණික උපදෙස්‌ සැපයීමෙන් ඉවත් වන අතර, ඊට යහපත් පිළිතුරු නොලැබුණහොත් ලබන 24 දා සිට රාජකාරියෙන් සම්පූර්ණයෙන් බැහැර වන බව ද කියා සිටී.

මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරීන් ඉංජිනේරු සේවාවේ බඳවා ගැනීම, ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම, සංයුක්‌ත දුරකථන අතිකාල සංවර්ධන යන සංශෝධිත දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 18 ක්‌ මුල් කර ගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ද හෙතෙම පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.