මහනුවර ගැබිනි මවුවරුන් දහසකට
රු.3000ක්‌ වටිනා පෝෂණ ආහාර මල්ලක්‌...

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ගැබිනි මවුවරුන් දහසකට එක්‌ අයකුට රුපියල් තුන්දහසක්‌ පමණ වටිනා පෝෂණ ආහාර මල්ලක්‌ බැගින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (16 දා) පරිත්‍යාග කරනු ලැබිණි.

මෙසේ පෝෂණ ආහාර ද්‍රව්‍ය ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

ඊයේ අලුයම් වේලේ සිට මෙම අවස්‌ථාවට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ගැබිනි මවුවරුන් තවදුරටත් වෙහෙසට පත්වීමට ඉඩ තැබීම සුදුසු නොවන බව වටහාගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආමන්ත්‍රණ දේශනයක්‌ පැවැත්වීමෙන් වැළකී පෝෂණ වියළි ආහාර සංකේතවත් පරිත්‍යාගයකින් පසුව රැස්‌වීම් ශාලාවෙන් පිටවී ගියේය.

පෝෂණ ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

මෙම අවස්‌ථාවට ජනාධිපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මියද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ පළාත් සභා ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක්‌ද දකුණු පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා ඇතුළු පිරිසක්‌ද සහභාගි වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.