යහපාලනයට හිතවත්
කලාකාරයෝ  කලකිරිලා...
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

නෝමන් පළිහවඩන


යහපාලන රජයට හිතවත්ව සිටි ජනප්‍රිය කලා ශිල්පීන් පවා රජය පිළිබඳව කළකිරී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින"ට පැවැසීය.

නිදහස්‌ කලා සන්ධානය මගින් ඉකුත් 14 වැනිදා පානදුරේ පෞද්ගලික හෝටලයකදී පවත්වන ලද උත්සවයකටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වූයේය.

මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් රාශියක්‌ සහභාගි වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතා මෙම සෑම කලාකරුවෙකු සමගම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කතාබහ කළේය. මෙම උත්සවය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම මෙසේද කීවේය.

කලා ශිල්පීන් විශාල පිරිසක්‌ රජය පිළිබඳව කළ කිරී සිටිනවා. සියයට 90 ක්‌ම කලාකරුවෝ රජයට දොස්‌ කියනවා රජය කලාකරුවන් අමතක කරලා දාලා කියලා. මේ රජය බලයට පත්කරන්න ක්‍රියා කළ කලා ශිල්පියෝ පවා රජයට දොස්‌ කියනවා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.