සැප්තැම්බර් 25 වැනිදා වනවිට
මේ ආණ්‌ඩුව හෙල්ලෙනවා...

රංජිත් සොයිසා

ඕමල්පේ - ප්‍රගීත් ජනක


සැප්තැම්බර් 25 වැනිදා වන විට ආණ්‌ඩුව දඩ දඩ ගාලා හෙල්ලෙන්න පටන් ගන්නවා. මේ ආණ්‌ඩුව බලයට පත්වෙන වෙලාවෙම අපි කිව්වා 2017 වර්ෂය ආණ්‌ඩු පෙරළන වසරක්‌ කියලා. මේ පක්‍ෂ දෙක ඇතුළේ ඇතිවුණ ගිවිසුම අගෝස්‌තු මාසයේදී අවසන් වෙනවා. ඉන් අනතුරුව මේ ගිවිසුම දීර්ඝ කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරය මේ ගිවිසුම දීර්ඝ කරනවාට බරපතළ ආකාරයේ විරුද්ධත්වයක්‌ තියෙනවා. මේ ගිවිසුම දීර්ඝ කළ එකට යහපාලන සම්මුතිවාදී පරිවාස හයිබ්‍රිඩ් දෙමුහුම් ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට යනවා නම් එජාපයේ පසුපෙල මන්ත්‍රී කණ්‌ඩායමේ බරපතළ විරෝධයක්‌ තියෙනවා. සැප්තැම්බර් මාසය වන විට ආණ්‌ඩුවට ගොම තැම්බට හෙන ගැහුවා වගේ වෙනවා. අපි බලමු එතකොට මොනවද වෙන්නේ කියලා" යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස්‌ පළකර සිටියේ ඇඹිලිපිටිය සැනාරා හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමිනි.

ඒ මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද පැවසීය.

පසුගිය දිනක පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාෆd මහතා හම්බවෙන්න දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම ඇතුළු අපි කණ්‌ඩායමක්‌ ගියා අමාත්‍යාංශයට. එතුමා ඉතා පැහැදිලිව කිව්වා සංශෝධිත පනත ජුලි මාසයේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සැප්තැම්බර් මාසය වන විට ස්‌ථිර වශයෙන්ම මැතිවරණයක්‌ පවත්වනවා කියා. දැන් මැතිවරණයට බාධාවක්‌ නැතෙයි කිව්වා. සැප්තැම්බර් මාසයේ ඡන්දය තිබ්බොත් ආණ්‌ඩුව පරාදයි. ඒක නිසා ආණ්‌ඩුව මැතිවරණවලට බයයි. දැන් මැතිවරණයට බාලගිරි දෝෂය හැදිලා. අද නෙවෙයි හෙට. සැප්තැම්බර් එන්නේ නැහැ. දැන් කියනවා නොවැම්බර් කියලා. අපි ආණ්‌ඩුවට කියනවා තමුන්නාන්සේලා ජනමතය උරගා බලන්න. වසර දෙකහමාරක යහපාලනයේ කෙරුවාව උරගා බැලීම සඳහා ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මැතිවරණ ජනතාවගේ අයිතිය වෙනුවෙන් වහාම ඡන්දයක්‌ ප්‍රකාශයට පත්කරලා මැතිවරණය තියන්න. අපි සූදානම් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ යහපාලනයට එරෙහිව පොදු පෙරමුණකින් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ස්‌ථිර වශයෙන් වෙනම ලකුණකින් වෙනම පෙරමුණකින් අපි ඡන්දය ඉල්ලන්න.

අද සැබෑ විපක්‍ෂය පෙරට එන එක වළක්‌වන්න ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශාල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්‌ ආණ්‌ඩුව අනුගමනය කරනවා. ඒ ආණ්‌ඩුවේ ඇමැතිවරු සමහර අවස්‌ථාවල ප්‍රකාශ කරනවා රාජපක්‍ෂ නැවත බලයට එනවා කියන්නේ අපි ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ මේක වළක්‌වන්න කියලා. ඒ නිසා මහත්වරුනි ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දෙන්න එපා. යහපාලන සළුපිළි පැළඳගත් ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස වහාම මැතිවරණයකට ඉඩකඩ සලසවන්න. ඔහොම හිතුවා ලෝකයේ පාලකයෝ හුඟාක්‌ අය. නායකයෝ මරලා ඡන්දය වළක්‌වලා සදාකාලිකව බලයේ ඉන්න පුළුවන් කියලා. අපි ඉල්ලනවා ජනාධිපතිගෙන් ඔබතුමා ඉතිහාසයේ කුණු බක්‌කියට වැටෙන්නේ නැතිව ලෝකයට පෙන්වන්න මහා ප්‍රජාත්‍රන්ත්‍රවාදියෙක්‌ විදියට. ඒ නිසා ඡන්දය තියන්න. අපිට කොහොමටවත්ම බලයට එන්න දෙන්නේ නැත්නම් අපි කොහොම හරි බලයට එනවා.

උමාඔය ගැටලුව දැන් ජනතාව අතර කතාබහට ලක්‌ වෙනවා. මේ සියලු දෙනා ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්‍ෂ මේක පාරේ යන ගමන් හිතල කළ දෙයක්‌ විදියට. මේකට දීර්ඝ ඉතිහාසයක්‌ තියෙනවා. 1832 බ්‍රොaහියර් කියන සුදු ජාතික වාරි ඉංජිනේරුවා මේ උමාඔය ව්‍යාපෘතිය ඇති කළ යුතුයි. බින්තැන්නට ජලය ගෙන යැමට නම් මේ ව්‍යාපෘතිය සකස්‌ කළ යුතුයි කියලා එතුමාගේ පැරණි ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. 1990 එවකට සිටි එජාප රජයත් මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ලක්‌කර තියෙනවා. 2004 මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකා බණ්‌ඩාරණායක රජයේත් අවධානය යොමුවෙලා තියෙනවා.

2005 වර්ෂයේ මහින්ද චින්තන වැඩපිළිවෙළ හදනකොට එදා අනිවාර්යයෙන්ම උමාඔය ව්‍යාපෘතිය මහින්ද චින්තනයට ඇතුළත් කළ යුතුයි. එය අනිවාර්යයෙන් කළ යුතු යෑයි කිව්වේ ඌව පළාතේ ජනතාවත් සමඟ අපේ පක්‍ෂයේ අයත් සමඟ එකතුවෙලා ජනතා විමුක්‌ති පෙරමුණයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.