තොරතුරු තාක්‍ෂණය ගැන
ඇමරිකාවෙන් සම්මන්ත්‍රණ මාලාවක්‌

අජිත් අලහකෝන්


මෙරට තොරතුරු තාක්‍ෂණ ව්‍යවසායකයන්, ඉංජිනේරු ශිෂ්‍යයන් සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයේ (ICTA) නියෝජිතයන් වෙනුවෙන් පසුගියදා ඇමරිකානු තොරතුරු තාක්‍ෂණ නව නිර්මාණ විශේෂඥ චෙරිල් එඩිසන් මහත්මිය විසින් සම්මන්ත්‍රණ මාලාවක්‌ පැවැත්වූවාය.

දින අටක්‌ පුරා එඩිසන් මහත්මිය යාපනය සහ කොළඹ ව්‍යවසායකයන් හමුවී ව්‍යාපාරික අරමුණ ජයගන්නා ආකාරයත් මෙරට නිෂ්පාදන කලාපීය හා ලෝක වෙළෙඳපළේ අළෙවි කරගැනීම සඳහා උපාය මාර්ගික දැනුමක්‌ ලබාදුන්නාය. සිලිකන් වැලි සමාගමේ ව්‍යාපාරික සංවර්ධන විශේෂඥවරියක්‌ වන ඇය වෝල්වෝ, වෝනර් බ්‍රදර්ස්‌, කැරේෆොර් සහ රෙව්ලෝන් වැනි සමාගම් රැසක ව්‍යාපාර සංවර්ධන කටයුතුවල නියෑළී ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි ඉංජිනේරු පීඨයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා ඉංජිනේරු අංශයේ සිසුන් සඳහාද සම්මන්ත්‍රණ පැවැත්වූ ඇය කාන්තා ව්‍යවසායකයන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයන් හා මෙරට පරිගණක මෘදුකාංග හා සේවා සපයන සමාගම් සම්මේලනයේ සාමාජිකයන්ටද උපදෙස්‌ ලබාදීම සිදු කළාය.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ රොබර්ට්‌ හිල්ටන් මහතාද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.