අම්මාගේ මරණය..

සටහන වෛද්‍ය ලලිත් විඡේසිංහ

මගේ මවුතුමිය මියගොස්‌ අදට දින දෙකයි. ඒ නිමිත්තෙනුයි මේ දම්දෙසුම පවත්වන්නේ. ලෝක චාරිත්‍රය නම් කෙනෙක්‌ මිය ගිහින් දවස්‌ 7න්, තුන්මාසෙන් බණ කියා දානය දී පින් දීමයි.එහෙත් ඒවා හදා ගත්ත දේවල්. බණ කියන්න ඕනෙ ජීවත්වන අයටයි. බණ අහන්න ඕනෙ ජීවත්වෙන අයයි. ඒ මිසක්‌ බණ මැරුණ කෙනාට නොවෙයි.

අම්මාට අසාධ්‍යයි කියල මට පණිවිඩේ ලැබුණම මම හිටිය විදේශ රටේ සිට පැමිණිලා අම්මාගේ සිත දහමෙහිම පිහිටුවන්නට මම ක්‍රියා කළා.

ඒත් අම්මා මැරුණා කියල මට පණිවිඩේ ආවා නම් මම මෙහෙම එන්නේ නැහැ.

ඇයි..?

අම්මා මැරුණම එතැන තියෙන්නේ විඥානය බැහැරට ගිය, උපාදාන පහකින් බැහැර වුණ හිස්‌ ශරීරයක්‌a. එතැන අම්මා නෑ.

අපි ඒක මෙහෙම තේරුම් ගමු. අම්මා ඝාතනය කළොත් එය ආනන්තරීය පාප කර්මයක්‌. ඒ නිසා අම්මා මැරුණාට පස්‌සෙත් ඒ ඉන්නේ අම්මා නම්, අපේ අම්මා කිය කියා අඬ අඬා ගිහිල්ල අම්මා පොළොව යට වැළලූ වම ඒ පාප කර්මය සිද්ධ වෙන්න ඕන නේද? දේහය ආදාහනාගාරයක පිච්චුවහමත් ඒ පාපය වෙන්න ඕනේ නේද? ඒත් ඒක එහෙම පවක්‌ වෙන්නෙ නෑ.

ඇයි ඒ?

අම්මා මැරුණම තවදුරටත් අම්මා නෑ.

දැන් එතැන තියෙන්නේ හිස්‌ සිරුරක්‌. ඒ අම්මා ජීවත්ව සිටින විට අම්මා අයිතිවාසිකම් කියාගෙන සිටිය සිරුර.අම්මා ගියේ ඒ අයිතිවාසිකම අතහැරලා. ඒ නිසා එහි අම්මා නෑ.

මැරුණම අම්මා කළ කී දෑ බණට

කියනවා කවියෙනුත් කියනවා. දූ දරුවන් අම්මා කළ කී දෑ, තමාට දුන් දෑ ගැන කිය කිය, අම්මාගේ ගුණ කිය කිය අඬනවා. එතකොට ළඟ ඉන්න අයත් අඬනවා. කෙනෙකුට හිතෙනව අනේ මේ කොච්චර හොඳ බණක්‌ද ගුණ කීමක්‌ද කියල.

නමුත් බුදුදහම තුළ zඅඬන ලකුණක්‌Z නෑ...¾

බුදුදහමෙහි ඇත්තේ මරණයට අඬන ලකුණක්‌ නොව, ලෝකයේ සැබෑව අවබෝධ කරගැනීමට ඉගැන්වීමක්‌. මරණය ඊට හොඳම අවස්‌ථාවක්‌.

ඒත් ධර්මය නොදත් ලෝකය මළ සිරුර අරගෙන මානයක්‌ හදාගන්නවා. තොරණ ගහල පාවඩ සැරසිලි දාලා මේ කරන්නේ මොකටද? මැරිච්ච දරකඩකට. අම්මා එතැන නෑ. ඒ නිසා ඒ සත්කාරය මෝඩ සත්කාරයක්‌. අම්මාට කරන්න ඕන සත්කාරය කරන්න ඕනේ අම්මා ජීවත්ව සිටියදීයි.

දැන් බොහෝ පිරිසක්‌ බුද්ධ ශාසනය කියල දකින්නේ මොනවාද? බොහෝවිට පාංශුකූලය, දානය, හත් දවසෙ-තුන්මාසෙ දානය පිරිත වගේ දේවල්. බුදුහාමුදුරුවො දම් දෙසුවේ අවබෝධය, දමනය සංසිදීම, එතෙර වීම සහ පිරිනිවන් පෑම පිණිසයි. බුද්ධ ශාසනය නම් එයයි.

පූජ්‍ය ගිංතොට විමල ස්‌වාමීන් වහන්සේ විසින් තම මෑණියන්ගේ මරණයෙන් පසු 2016.01.29 දින කරන ලද දම්දෙසුම ඇසුරිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.