හරෝ හරා... හරෝ හරා....
උ/නැ සිට කතරගම පුදබිමට
පයින් එන බැතිමත්හු යාලෙන් ඇතුළු වෙති


ඡායාරූප සහ විස්‌තරය - බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, කතරගම - කේ. ඩී. දේවප්‍රිය

උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිට ඇසළ උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන්ට පෙරේදා (15 දා) උදැසන 6.00 ට යාල වන උද්‍යානය හරහා පාද චාරිකාවේ යෙදීමට වනජීවී දෙපාර්තමේන්තුව මගින් දොරටු විවෘත කරන ලදී. පා ගමනින් පැමිණි දෙදහසකට ආසන්න බැතිමත්හු පිරිසක්‌ පානම ඔකඳ දේවාලය අසලට සිකුරාදා (14 දා) රාත්‍රි වන විට පැමිණ සිටියහ.

එහිදී පැවැති විශේෂ දේව මෙහෙයන්ට සහභාගි වූ බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් බස්‌නායක නිලමේ තැන්පත් සුදුනිලමේ දිසානායක මහතා විසින් ලබාදී තිබිණි.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. සෝමරත්න මහතා අවශ්‍ය පානීය ජලය සනීපාරක්‍ෂක පහසුකම් සලසා තිබිණි.

උදේ පාන්දර පොතුවිල් මූදු මහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමිපාණන් වහන්සේ සෙත්පිරිත් දේශනාකොට බැතිමතුන්ට ආශිර්වාද කර කිරිබත්වලින් සංග්‍රහ කළහ.

යාල හරහා කතරගම පුදබිමට පා ගමනින් යන බැතිමතුන්ට ප්ලාස්‌ටික්‌ බෝතල් හා පොලිතින් රැගෙන යැම සපුරා තහනම්ය.

කුමන සිට යාල හරහා කතරගම පුදබිමට යන මාර්ගයේ බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය හා සනීපාරක්‍ෂක පහසුකම් සැලසීමටද පියවර ගෙන තිබේ.

ජුලි මස 24 වැනිදා සිට අගෝස්‌තු මස 8 වැනිදා දක්‌වා මෙවර කතරගම ඇසළ උත්සවය පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.