අරක්‌කු බොන්න සල්ලි දුන්නෑ කියා කේන්ති ගිහින්ලු
පොල් ගෙඩියකින් ඔළුවට ගසා සැමියා බිරිඳ මරයි

මොනරාගල විශේෂ - සේපාල මහානාම, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

අරක්‌කු බීමට මුදල් ඉල්ලූ මුත් නොදුන් නිසා බිරිඳ සමග ආරවුලක්‌ ඇතිකරගෙන ඇය රෙදි සෝදමින් සිටියදී පිටුපසින් ගොස්‌ පොල් ගෙඩියකින් ඇගේ හිසට පහරදී බිරිඳව ඝාතනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තිරික්‌කෝවිල් පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ තිරික්‌කෝවිල් ප්‍රදේශයේ පදිංචි විලේ තම්බි ජෝ සුන්දරි නමැති 38 හැවිරිදි සිව්දරු මවකි. පෙරේදා 15 දා පෙ.ව. 9.30 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇත. අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා දේහය අම්පාර රෝහලට රැගෙන ගොස්‌ තිබේ. තිරික්‌කෝවිල් පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පො.ප. සදාත් මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (44091) උදය රාඡ්, (43220) ඉෂාක්‌, පො.කො. (36054) පුෂ්ප ශාන්ත යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.