හරිත සරසවියේ කථිකාචාර්යට අයත්
වාහනයෙන් පැමිණ කුණු මලු මහපාරට දමද්දී
දෙදෙනෙක්‌ අත්අඩංගුවට...


ඇන්ටන් ප්‍රනාන්දු

හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකුට අයත් මෝටර් රථයකින් පැමිණ කුණු බෑග් 04 ක්‌ හෝමාගම දූවවත්ත ප්‍රදේශයේ මහමඟ අයිනේ දමා යැමට තැත් කළ එහි රියෑදුරු සහ සහායකයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන හෝමාගම පොලිසියට බාරදී ඇතැයි හෝමාගම පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් මෝටර් රථය කුණු බෑග් 04 හා පුද්ගලයන් හෝමාගම පොලිස්‌ භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී එම කුණු බෑග නුගේගොඩ ප්‍රදේශයේ නිවසක්‌ අස්‌කිරීමේදී ඉවත් කළ කුණු තොගයක්‌ බවත් මෝටර් රථය හරිත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයාට අයත් එකක්‌ බවත් හෙළි වී තිබේ. ඒ අනුව හෝමාගම පරිසර ඒකකයේ ස්‌ථානාධිපති උ.පො.ප. ආර්. ඒ. ජයසිංහ මහතා විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.