හත වැදී සිටි ශ්‍රී ලංකා කාන්තා
පිලට පාකිස්‌තානයෙන් සැනසුමක්‌

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පළමු ජය පකිස්‌තානයට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. ලෙෂ්ටර්හිදී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු 15 ක ජයක්‌ හිමිවිය.

තරග හයකදී පරාජයන් හතක්‌ ලබා සිටි ශ්‍රී ලංකාව අදාළ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි තැනට පත්ව තිබේ. පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා පිල ලකුණු 221 ක්‌ ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පකිස්‌තාන් පිලට ලබාගත හැකි වූයේ ලකුණු 206 ක්‌ පමණි.

විශිෂ්ට පන්දු යෑවීමක නිරත වමත් දඟ පන්දු යවන්නිය වන චන්දිමා ගුණරත්න කඩුලු 4 ක්‌ බිඳ දැමීමට සමත් වූවාය. විශිෂ්ට අර්ධ ශතකයක්‌ ලබා ගත් ඩිලානි මනෝදරා පන්දු 111 කදී හතරේ පහර නවයක්‌ සමඟ ලකුණු 84 ක්‌ ලබා ගත් අතර ඇය ඒෂානි ලොකුසූරිය සමඟ එක්‌ව හය වැනි කඩුල්ලට ලකුණු 76 ක සබඳතාවක්‌ද පිහිටුවන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.