පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී
දිනේෂ්ගෙන් රිදී පදක්‌කමක්‌

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන පැරා ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ රිදී පදක්‌කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් විය. ඉකුත් 2016 වසරේ බ්‍රසීලයේ පැවැති පැරාලිම්පික්‌ තරගාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රන් පදක්‌කම දිනා ගැනීමටද දිනේෂ් සමත් විය.

අදාළ තරගයේදී දිනේෂ් මී.57.93 ක දුරක්‌ හෙල්ල විසි කරමින් රිදී පදක්‌කම දිනා ගත් අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළකු වන අතර ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කරන ලද මෙහෙයුමක්‌ අතරතුරදී පාදයේ ආබාධයකට ලක්‌ව තිබේ.

මෙම පැරා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් එක්‌ ක්‍රීඩිකාවක්‌ සහ ක්‍රීඩකයන් දෙදෙනකු සහභාගි වේ. එහිදී අමරා ඉන්දුමතී ටී. 47 මීටර 200 සහ මීටර 800 තරග නියෝජනය කරන අතර අනිල් ප්‍රසන්න ටී- 52 මී. 200 තරගය නියෝජනය කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.