ඉන්දියානු පුහුණුකරු ධුරය රවී ශාස්‌ත්‍රිට

හිස්‌ව තිබූ ඉන්දියානු ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට රවී ශාස්‌ත්‍රීව පත්කිරීමට එරට ක්‍රිකට්‌ සංවර්ධන කමිටුව තීරණය කර තිබේ. ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි සමග සාකච්ඡාවකින් පසුව එම පත්කිරීම ස්‌ථිර කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

සව්රව් ගංගුලි, වී.වී.එස්‌. ලක්‍ෂ්මන් සහ විරේන්ද්‍ර ෂෙවාර්ග් ඇතුළත් ඉන්දියානු ක්‍රිකට්‌ සංවර්ධන කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. මීට අමතරව රවී ශාස්‌ත්‍රිගේ සහය සඳහා උපදේශකවරුන් ලෙස රාහුල් ඩ්‍රාවිඩ් සහ සහීර් ඛාන්වද පත්කර ඇතැයි තවදුරටත් සඳහන් වේ.

55 හැවිරිදි වියේ පසුවන රාවී ශාස්‌ත්‍රී ඉන්දියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 80 කට ක්‍රීඩා කරමින් ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 12 ක්‌ ලබා ඇති අතර පන්දු යෑවීමෙන් කඩුලු 151 ක්‌ දවාගෙන තිබේ. ඔහු එක්‌දින තරග 150 කදී ශතක 4 ක්‌ සහ අර්ධ ශතක 18 ක්‌ සමග මුලු ලකුණු 3108 ක්‌ ලබා ඇති අතර පන්දු යවමින් කඩුලු 129 ක්‌ද බිඳ දමා ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.