සෙනගාල් පාපන්දු තරගයක්‌
අතරතුර තෙරපුමක්‌ අට දෙනෙක්‌ මරුට


සෙනගාල් රාජ්‍යයේ පැවැති පාපන්දු තරගයක්‌ අතරතුර ඇති වූ තෙරපුමකින් පුද්ගලයන් අට දෙනෙක්‌ මියගොස්‌ තවත් 50 ක්‌ බරපතළ තුවාල ලබා ඇත.

සෙනගාල් අගනුවර ඩකාර්හි පාපන්දු ක්‍රීඩාංගණයක මෙම අනතුර සිදුව ඇත.

මෙම තෙරපුමට පෙර පාපන්දු තරගය නැරඹීමට පැමිණි දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ද ඇතිව තිබේ.

එහිදී ඇතිවූ තෙරපුම නිසා ක්‍රීඩාංගණයේ තාප්පයක්‌ ද කඩා වැටී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.