නෙවිල් ප්‍රනාන්දු රෝහල
රජයට ගත් හැටි ගැටලුවක්‌

- වෛද්‍ය සංගමයේ සමලේකම්

සිරිමන්ත රත්නසේකර

නෙවිල් ප්‍රනාන්දු රෝහල සැබෑ ලෙසම රජයට පවරා ගත්තේද යන්න ගැටලුවක්‌ බවත් එය පවරා ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රශ්නකාරී බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රෝහල රජයට පවරා ගත් පසුත් එහි ණය ගෙවන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතාම නම් පාලක මණ්‌ඩලයේ සභාපතිවරයාත් එතුමාම නම් එහි තීන්දු ගන්නේ ඔහුම නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තේ කෙසේදැයි යන්න නොතේරෙන බව හෙතෙම කියා සිටියේය.

එහි සේවකයින්ට සිදු වන්නේ කුමක්‌ද? වෛද්‍යවරුන් බඳවා ගන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව පැවසූ හෙතෙම මෙමගින් සිදුව ඇත්තේ වංචනික ආයතනයට අවශ්‍ය පරිදිs සහ වෛද්‍ය සභාව පිළිනොගත් ආයතනයකට රෝගීන් ලබා ගැනීමට හැකිවීම පමණක්‌ යෑයිද පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධව පැවැත්වෙන සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් සයිටම් සටනේ අවසානය එම සාකච්ඡා අනුව සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

හෙතෙම එම අදහස්‌ පළ කළේ ඊයේ කොළඹ ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ රැස්‌වීම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.