ගැසට්‌ නිවේදනයේ සඳහන්
2018 වෙසක්‌ පෝය නිවැරදියි

ආචාර්ය පියසේන රතුවිතාන

2018 අප්‍රේල් 29 වැනිදා වෙසක්‌ පොහෝ දිනය ලෙස ප්‍රකාශ කර ඇති අතිවිශේෂ ගැසට්‌ නිවේදනය නිවැරදි බව ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී  ආචාර්ය පියසේන රතුවිතාන මහතා පවසයි. 2018 අප්‍රේල් 29 වැනිදා පූර්ව භාග 6.37 ට වෙසක්‌ පොහොය ලබා 30 වැනිදා උදේ 6.28 ගෙවී යන බවද සිල් සමාදන් වීම 29 වැනි ඉරිදා බවද ඔහු සඳහන් කරයි.

සිංහල ක්‍රමය අනුව අප්‍රේල් 15 සිට මැයි 15 දක්‌වා වෙසක්‌ මාසය බවත් තිරසර පංචාංග ලිතේ එය පැහැදිලිව දක්‌නට ඇති බවත් ඒ මහතා කියා සිටී.

2018 අප්‍රේල් 29 දින වෙසක්‌ පොහොය යෙදෙන බවට සඳහන් කළ ගැසට්‌ නිවේදනය වැරදි බවට ඇතැම් පිරිස්‌ පවසන මතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා මේ බව නිවේදනය කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.