විද්‍යා ඝාතන නඩුව
අද සිට යළි අඛණ්‌ඩව


හේමන්ත රන්දුණු

යාපනයේ විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගොස්‌ අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ අද (18 වැනිදා) සිට යළි අඛණ්‌ඩව ඉදිරියට ගෙන යැමට තීරණය කර තිබේ.

එම නඩු විභාගය අද සිට 19, 20, 24, 26 යන දිනවලදී එක දිගට විභාගයට ගැනීමට නියමිතය.

මෙම දිනවලදී විද්‍යා ඝාතනයට අදාළ පැමිණිල්ලේ සියලුම සාක්‍ෂි විභාගයට ගැනීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව විත්තියේ සාක්‍ෂි විභාගයට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් විද්‍යා ඝාතනයට අදාළ නඩුව ලබන මාසයේ මුල් සති දෙක ඇතුළත අවසන් වීමට බොහෝදුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

ඉකුත් 2015 වර්ෂයේ මැයි මස 13 වැනිදා විද්‍යා ශිෂ්‍යයාව පැහැරගෙන ගොස්‌ දූෂණය කර මරා දමා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් නව දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.