රාජතාන්ත්‍රිකභාවයක්‌ නැති
බෙන් එමර්සන්ට විජයදාසගේ විරෝධය


චතුර පමුණුව

මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදය පිටුදැකීම පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් කිසිදු රාජතාන්ත්‍රිකභාවයක්‌ නොමැතිව කටයුතු කරන අයෙක්‌ බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයාගේ බලහත්කාරිත්වය පිළිබඳව තමන් ජනපති හා අගමැතිවරයා දැනුවත් කරන බවත් රාජපක්‍ෂ මහතා කීය.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ගැන ඔහු සම්පූර්ණ වැරදි තොරතුරු ඉදිරිපත් කළ බවත් මේ තොරතුරු සාවද්‍ය බව එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට තමා පැහැදිලි කර දුන් බවත් රාජපක්‍ෂ මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.