සහල් මෙටි්‍රක්‌ ටොන්
ලක්‍ෂ 5 ක්‌ රටින් ගෙන්වයි


ලසිත දුමින්ද

සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ පහක්‌ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

වියට්‌නාමය, බුරුමය, පකිස්‌ථානය හා තායිලන්තය යන රටවලින් මෙසේ සහල් ආනයනය කරනු ඇත. රජය මගින් සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 3 ක්‌ ආනයනය කිරීමට නියමිත අතර පෞද්ගලික අංශය මගින් අනෙක්‌ සහල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ දෙක ආනයනය කරනු ඇත.

රජය මගින් ආනයනය කරනු ලබන සහල් ලක්‌ සතොස හරහා බෙදා හැරීමට නියමිතය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.