මොනරාගල - බොල්ගල්ල
කන්දේ ගින්නක්‌ අක්‌කර 50 ක්‌ විනාශයි


මොනරාගල - නයන ඉහල ගෙදර

මොනරාගල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා ඇති බොල්ගල්ල රක්‍ෂිත කන්දේ පෙරේදා (16 දා) සවස 05ට පමණ හටගත් ගින්නකින් අක්‌කර 50 කට අධික භූමි ප්‍රමාණයක්‌ ගිනිගෙන විනාශ වී ඇත.

මෙම ගින්න පෙරේදා සවස 05 ට පමණ හටගෙන ඇති අතර ඊයේ (17දා) පාන්දර දක්‌වා ගින්න පැතිරී ගිය බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම ප්‍රදේශයේ පවතින දැඩි නියං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස්‌ ඇත. මෙම රක්‍ෂිත කන්දේ තිබූ අරළු බුළු, නෙල්ලි වැනි ඖෂධ මෙන්ම බුරුත, කලුවර වැනි වටිනා දැව වර්ගද විනාශ වී ඇත.

අප මේ සම්බන්ධව ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර කුමාර මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා පැවසුවේ මෙම ගින්න නිවා දැමීමට යුද හමුදාව යොමු කළත් රාත්‍රී කාලයේ නිවා දැමීමට නොහැකි වූවත් පසුදින පාන්දර වන විට ගින්න නිවීගොස්‌ ඇති බවත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.