සමාප්තියට පෙර
බෝල්ට්‌ගෙන් තවත් රන් දිනුමක්‌


අට වරක්‌ ඔලිම්පික්‌ රන් පදක්‌කම්ලාභී උසේන් බෝල්ට්‌ මොනාකෝහි ක්‍රියාත්මක ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ පැවැති මීටර් 100 ඉසව්වේ රන් පදක්‌කම දිනාගත් අතර මෙය බෝල්ට්‌ගේ අවසන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය වීම විශේෂත්වයක්‌ බවට පත්විය.

තිස්‌ හැවිරිදි බෝල්ට්‌ මේ වසරේදී වාර්තා කරන ලද හොඳම කාලය වාර්තා කරමින් තත්. 9.95 ක කාලයක්‌ වාර්තා කරමින් අදාළ රන් පදක්‌කම දිනා ගත්තේය. ඊට තත්පර දශම තුනක්‌ පසුපසින් සිටිමින් තත්. 9.98 ක කාලයකින් තරගය නිමාකළ ඇමරිකාවේ ඉසියබ් යන්ග් රිදී පදකක්‌ම දිනාගන්නා අතරවාරයේ එහි ලෝකඩ පදක්‌කම තත්. 10.02 කින් තරගය නිමාකළ දකුණු අප්‍රිකාවේ අකුණි සිම්බිනේට හිමි විය.

කෙසේ නමුත් අගෝස්‌තු මස 4 දා සිට 13 දා දක්‌වා එංගලන්තයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් අනතුරුව සිය ක්‍රීඩා දිවියට සමුදීමට බෝල්ට්‌ තීරණය කර ඇති අතර ඔහු එහිදී මීටර් 100 සහ 4ඞ 100 සහය දිවීමේ ඉසව්වන්ට සහභාගී වන බවට මේ වනවිට ප්‍රකාශකර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.