2017 අගෝස්තු 01 අගහරුවාදා

 

 

    
    Divaina Editor
    contact webmaster

උතුර හෙල්ලූ හිටපු කොටි 7 ක්‌ අල්ලයි
සැකකරුවන් අතර 'ආවා කල්ලි' ප්‍රධානියකුත්

පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම, පොලිස්‌ මුරපළවල් ගිනි තැබීම් ඇතුළු විවිධ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වෙමින් උතුරු පළාතේ භීෂණයක්‌ නිර්මාණය කිරීමට උත්සාහ කරන හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඇමැති රවි හෙට
බැඳුම්කර කොමිසමට...

වර්තමාන විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඒ මහතා හෙට (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.

සමන් කුමාර ඉදිරිපස කාර්යාලයට
දමන්නැයි මහේන්ද්‍රන් තර්ජනය කළා

මහ බැංකු සහකාර අධිපති
බැඳුම්කර කොමිසමේදී කියයි

සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්ත-
-මේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්‌ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

අද රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්‌

නිසි ක්‍රමවේදයට පිටින් දුම්රිය රියෑදුරු සහායකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය බලවේග කට්‌ටල රියදුරු වර්ජනයක්‌ අද (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීහු පවසති.

වැලිගල්ලේ රිය අනතුරෙන් මව සහ පුතු මරුට...

ගම්පොළ - මහනුවර මාර්ගයේ වැලිගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මවක හා පුතෙකු මියගොස්‌ ඇති අතර බරපතළ තුවාල ලැබූ 11 හැවිරිදි තවත් පුතෙකු ගම්පොළ රෝහලින් මහනුවර මහ රෝහලට යවා තිබේ.

සයිටම් විරෝධී ජන පවුරෙන් හෙට විරෝධතා හා උද්ඝෝෂණ

ජාතික විරෝධතා දිනය ලෙස නම් කර ඇති හෙට (02 දා) දහවල් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඉදිරිපිට විවිධ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සයිටම් විරෝධී ජනපවුර සංවිධානයට සහාය දක්‌වන දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති තීරණය කර ඇත.

කලබල ගැන සොයා බලන්න
පොලිස්‌පති උතුරට යයි...

යාපනය කෝපායි ප්‍රදේශයේදී සන්නද්ධ පිරිසක්‌ විසින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු පසුගිය දින කීපය තිස්‌සේ යාපනය ප්‍රදේශයේ සිදුවූ

ඔළුගෙඩි වෙනස්‌ කර ආණ්‌ඩු
හදන හීන ඉටුවන්නේ නෑ

- ජනපති හිඟුරක්‌ගොඩදී කියයි


පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණය වෙනස්‌ කර ආණ්‌ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්‌ඩුවක්‌ සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යෙන් ලබාගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (31 දා) පැවසීය.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ඉදිරි සති දෙකේ ගැසට්‌ කරනවා
ඇමැති රාජිත සේනාරත්න

වෛද්‍ය අධ්‍යාපනයේ පැවැතිය යුතු අවම ප්‍රමිතිය ඉදිරි සති දෙක ඇතුළත ගැසට්‌ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

කතරගම 09 වැනි පෙරහැර අද...

 

 

 



රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැරේ 09 වැනි පෙරහැර දිනය අදට (1 දාට) යෙදී ඇත.
අද රාත්‍රි 7.45 ට වාසනා හස්‌තියා පිට දෙවියන් වැඩමවීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කරන බව දේවාලයේ බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පවසයි.


රටට අහිතකර ගිවිසුම්වලට අත් ඔසවන මන්ත්‍රීන්
පැරදවීමට සංඝරත්නය පෙරමුණ ගන්නවා

මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

ජාතික සම්පත් විකිණීම ඇතුළු රටට අහිතකර ගිවිසුම් සම්මත කිරීමට අනුබලදෙන, පාර්ලිමේන්තුවේ අත් ඔසවන මැති ඇමැතිවරුන් ඉදිරි මහ මැතිවරණයේදී පරාජය කිරීමට මහා...
 
  
 
 

 


 

  

  


 

  




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.