වෙළෙඳසේවා හොකී ශූරතාව
කොමර්ෂල් බැංකුවට...


වෙළෙඳසේවා හොකී සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ කෘත්‍රීම හොකී ක්‍රීඩාංගණයේදී පවත්වන ලද වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ ලීග් හොකී තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

මූලික වටයේදී හැටන් නැෂනල් බැංකුව ගෝල 3-1 කින්ද, සම්පත් බැංකුව ගෝල 3-0 කින්ද, පරාජය කරමින් පෙරමුණ ගත් කොමර්ෂල් බැංකුව දෙවන වටයේදී හැටන් නැෂනල් බැංකුව (3-0) සහ සම්පත් බැංකුව (5-0) කින් පරාජය කරමින් අපරාජිත බව ආරක්‌ෂාකර ගැනීම කැපී පෙණුනි.

මෙවර අනුශූරතාව හැටන් නැෂනල් බැංකුව සතු විය.

ජයග්‍රාහී කොමර්ෂල් බැංකුව හිටපු ජාතික ක්‍රීඩක මිලාන් ප්‍රසාද් අරියවංශ විසින් මෙහෙයවන ලද අතර රොහාන් දිසානායක මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලදී.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.