දකුණු අප්‍රිකාව අමාරුවේ වැටෙයි


එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්‌ට්‌ තරගයේ ලකුණු 492 ක ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹායන දකුණු අප්‍රිකාව සිව්වැනි දිනට තරගය නවතන විට කඩුලු හතරක්‌ දැවී ලකුණු 117 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

දකුණු අප්‍රිකා පිලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඩීන් එල්ගර් නොදැවී ලකුණු 72 ක්‌ රැස්‌කර ගනිමින් පරාජයෙන් බේරීමේ සටනක නියෑලී සිටින අතර ඔවුන්ගේ නම් දැරූ මුල්පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්‌ථාවක්‌ නොලැබිණි.

එහිදී එංගලන්තය වෙනුවෙන් ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ් ලකුණු 27 කට එක්‌ කඩුල්ලක්‌, රොලන්ඩ් ජෝන්ස්‌ ලකුණු 20 කට කඩුල්ලක්‌ සහ බෙන් ස්‌ටෝක්‌ස්‌ ලකුණු 29 කට කඩුලු දෙකක්‌ වශයෙන් බිඳහෙළනු ලැබීය.

කෙසේ නමුත් පැවැති තරග දෙකෙන් එක්‌ තරගය බැගින් ජය ගනිමින් කණ්‌ඩායම් දෙක මේ වන විට 1-1 ක්‌ ලෙස සමතැන් ගෙන සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.