දඹුල්ලේ සිංගර් බෙදාහැරීමේ
කේන්ද්‍රස්‌ථානය ජනපති අතින් විවෘත වේ...



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමරු ඵලකය විවෘත කළ මොහොත. සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌, කේ.එස්‌.ටී. සමූහයේ සභාපති කේ.එස්‌.ටී. පෙරේරා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

සිංගර් සමාගමේ වර්ග අඩි 75,000 ක ප්‍රමාණයකින් යුතු දඹුල්ලේ දැවැන්ත බෙදාහැරීමේ කේන්ද්‍රස්‌ථානය ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා අතින් පසුගියදා උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි.

දඹුල්ල රජමහා විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයෝද, ජෝන් අමරතුංග, නිමල් සිරිපාල ද සිල්වා යන කැබිනට්‌ අමාත්‍යවරුද, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මෙන්ම තවත් සම්භාවනීය අමුත්තෝ රැසක්‌ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ. සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌, බෙදාහැරීම් අධ්‍යක්‌ෂ ශ්‍යාම් රාමනාදන් සහ සේවා සහ බෙදාහැරීම් නියෝඡ්‍ය අධ්‍යක්‌ෂ ආනන්ද මනෝරත්න ඇතුළු සිංගර් සමාගමේ කළමනාකාරිත්වයද මෙම උත්සවය සඳහා සහභාගී විය.

නවීන තාක්‌ෂණයෙන් යුතු මෙම දැවැන්ත බෙදාහැරීමේ කේන්ද්‍රස්‌ථානය හේතුවෙන් භාණ්‌ඩ බෙදා හැරීමේ කටයුතු දෙගුණයකින් වේගවත් කරමින්, වේගයෙන් වර්ධනයවන විකුණුම් ප්‍රමාණයට මුහුණදීමට සිංගර් සමාගමට හැකි වේ.

දඹුල්ල ප්‍රදේශයේ අක්‌කර 5.5ක සුවිසල් භුමි ප්‍රමාණයක ඉදිකර ඇති මෙම බෙදාහැරීමේ කේන්ද්‍රස්‌ථානය උතුරු මැද, උතුරු, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල පිහිටි අලෙවි මධ්‍යස්‌ථාන 180ක සහ 200කට අධික අලෙවි නියෝජිතයන්ගේත් භාණ්‌ඩ අවශ්‍යතාවන් සපුරාලනු ඇත. මීට අමතරව, ට්‍රැක්‌ටර් සහ කෘෂි උපාංග නිෂ්පාදන අලෙවිකරුවන් 250කට අධික සංඛ්‍යාවකටද භාණ්‌ඩ බෙදා හරිමින් සිංගර් නිෂ්පාදන තවදුරටත් ගොවි ජනතාව වෙත ළඟා කිරීම සඳහාද මෙම අති නවීන කේන්ද්‍රස්‌ථානය දායක වනු ඇත.

රැහැන් රහිත සන්නිවේදන ක්‍රම, ආරක්‌ෂක කැමරා පද්ධති, අධික වෝල්ටීයතාවලින් විදුලි උපකරණ ආරක්‌ෂාකරණ උපාංග, 150 KVA ජෙනරේටර් සහ නවීන බෙදාහැරීම් කළමනාකරණ පද්ධතියක්‌ද මෙම මධ්‍යස්‌ථානයේ ආරක්‌ෂාව සහ බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු සිදු කිරීම වෙනුවෙන් ස්‌ථාපනය කර ඇත. තවද, ද්විත්ව පැලට්‌ රාක්‌කගත කිරීමේ පද්ධතිය හරහා මෙම මධ්‍යස්‌ථානයේ ගබඩාකරණ හැකියාව දෙගුණයකින් වර්ධනය කිරීමටද සිංගර් සමාගම කටයුතු කරයි.

කේ.එස්‌.ටී. සමාගම් සමූහයේ දීර්ඝ කාලීන කල්බදු ක්‍රමය යටතේ බෙදාහැරීමේ කේන්ද්‍රස්‌ථානය පවතින අතර, ඉඩම මිලදීගනිමින් සිංගර් සමාගමේ අවශ්‍යතාවන්ට අනුව භාණ්‌ඩ මධ්‍යස්‌ථානය ගොඩනැගීම සිදු කරනු ලැබුවේද එම සමාගම් සමූහයයි.

සිංගර් (ශ්‍රී ලංකා) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස්‌ මහතා, උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත්, අනෙකුත් සම්භාවනීය අමුත්තන්ටත් සිය කෘතඥතාව පළ කළේය. මෙරට පුද්ගලික අංශයද රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දෙන බවත්, ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වය සමස්‌ත පුද්ගලික අංශයටම මහඟු දිරියක්‌ බවත් පීරිස්‌ සඳහන් කළේය.

මෙතෙක්‌ කලක්‌ මෙම පළාත්වල මෙන්ම දිවයිනේ අනෙකුත් පළාත්වලද බෙදාහැරීම් කටයුතු සිදු කෙරුණේ කොළඹ පිහිටි ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්‌ථානය සහ උප මධ්‍යස්‌ථාන හරහායි. මෙම ප්‍රදේශය තුළ භාණ්‌ඩ බෙදාහැරීමේ මධස්‌ථානයක්‌ ඉදි කිරීම මගින් පාරිභෝගිකයන් වෙතට තවදුරටත් සමීපවීමටත් එමගින් ඔවුන් හට වඩාත් විශිෂ්ට සේවාවක්‌ ලබාදීමටත් අපට හැකි වනවා. ඒ වගේම, එමගින් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහාද අප දායක වෙනවා යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


**********************************************************

අවිස්‌සාවේල්ල තේ කර්මාන්තශාලාව සඳහා
කොළඹ තේ වෙන්දේසියේදී වාර්තාගත මිලක්‌



2017 ජුලි මස 25 සහ 26 වැනි දිනවල පවත්වන ලද පසුගිය සතියේ කොළඹ තේ වෙන්දේසියේ 'සිතක' වෙළෙඳනාමය යටතේ තේ අලෙවි කරන අවිස්‌සාවේල්ල තේ කර්මාන්තශාලාවේහි නිෂ්පාදිත OP1 වර්ගයේ තේ කිලෝවක්‌ සඳහා මෙතෙක්‌ වාර්තාගත ඉහළම මිල වන රුපියල් 1160ක්‌ ලබා ගැනීමට සමත් විය. මෙම තේ තොගය ශ්‍රී ලාංකික තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Akbar Brothers සමාගම විසින් මිලදී ගත් අතර එය අලෙවි කරන ලද්දේ Lanka Commodity Brokers ආයතනය මගිනි.

මෙම තේ කර්මාන්තශාලාව අවිස්‌සාවේල්ල නිදහස්‌ වෙළෙඳ කලාපයේ පිහිටා ඇති අතර මෙහි හිමිකරු වන්නේ රත්නපුර ප්‍රදේශයේ පිහිටි RTS සමූහ ව්‍යාපාරයේ සභාපති වන ලලිත් ලියනගේ මහතාය. මෙම කර්මාන්තශාලාව නවීනතම යන්ත්‍රොපකරණවලින් සමන්විත වන අතර එහි නිෂ්පාදන ක්‍රියාවලිය යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ. ලලිත් ලියනගේ මහතා තම තේ නිෂ්පාදන තත්ත්වය පිළිබඳව පුද්ගලිකව කැපවෙන අතර තම තේ ඉහළ තත්ත්වයේ නිෂ්පාදනයක්‌ බවට පත් කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි.

එමෙන්ම සිලෝන් ටී ඉතිහාසයට වසර 150ක්‌ සපිරීම නිමිත්තෙන් පසුගිය මස 20 වැනි දින පවත්වන ලද සුවිශේෂී තේ වෙන්දේසිය සඳහා ඉතා විද්වත් තේ පරීක්‍ෂක මණ්‌ඩලයකින් සමන්විත කමිටුවක්‌ විසින් තෝරා ගැනීමෙන් පසු ඉදිරිපත් කෙරුණු සිතක OP1 වර්ගයේ තේ අඩංගු පැරණි තේ මංජුසාවක ආකෘතියක්‌ සඳහා රුපියල් මිලියනයක ආකර්ෂණීය මිලක්‌ ලබා ගැනීමටද සමත් විය.

 

**********************************************************


ලංකා බැංකුව 78 වසරක්‌ පුරා
අසමසම ගමනක යුග අභිමානය සමරයි



ශ්‍රී ලාංකේය බැංකුකරණ හා මූල්‍ය සේවා අංශයෙහි වසර ගණනක්‌ පුරා ගොඩනගා ගත් ස්‌ථාවරත්වය, විශ්වාසය හා විශිෂ්ටත්වය සමග දිවයිනේ අංක 1 බැංකුව 2017 අගෝස්‌තු පළමු වැනි දින (අද) ජාතියේ මහා පහන් ටැඹ ලෙස තම සාර්ථක 78 වැනි වසරට පා තබයි.

ශ්‍රී ලාංකේය බැංකු ක්‌ෂේත්‍රයේ අංක 1 ලෙස 78 වසරක්‌ සමරන්නට ලැබීම පිළිබඳව කීමට ඇත්තේ සුවිශේෂී කතාවකි. දේශීය ජනතාවට සාධාරණව මූල්‍ය සහාය ලබා ගැනීම අහිමි කරවූ එකල පැවති දුෂ්කර තත්ත්වයේදී රටට සහායවීමේ අරමුණ ඇතිව වර්ෂ 1939දී බැංකුවේ ආරම්භයත් සමග මූල්‍ය අන්තර්ගතකරණය මගින් රටෙහි සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට විශ්වාසදායක හා පහසු මූල්‍ය විසඳුම් සොයන්නන් හට අව්‍යාජ ලෙස අගය එකතු කරන ලද සේවා සැපයීමට සහ ජාත්‍යන්තර බැංකුකරණ ප්‍රමිතීන්වලට අනුකූලව දිවයිනේ බැංකුකරණ හා මූල්‍ය ක්‌ෂේත්‍රය නගාසිටුවීමට බැංකුව කැපවී සිටියි යෑයි ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා සඳහන් කළේය. අපේ සාර්ථකත්වය වෙනුවෙන් ආදරණීය ගනුදෙනුකාරභවතුන්ට සහ අපට දෙන උපදෙස්‌ සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා රජයටද අවසාන වශයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට මෙන්ම පොදුවේ සියලු ශ්‍රී ලාංකිකයන්හටද තුති පිදීමට මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි යෑයි ඔහු තවදුරටත් පැවසීය.

රාජ්‍ය සහාය ලබන බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ජෝර්ඡ් ඊ ද සිල්වා මහතා පෙරමුණ ගත්තේය. වර්ෂ 1939 අගෝස්‌තු පළමු වන දින බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කොල්ඩිකොට්‌ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ බ්‍රිස්‌ටල් වීදියේ අංක 41 දරන ස්‌ථානයේදී සමාරම්භක උළෙල පැවැත්විණි. එකල මෙරට ජනතාව වාණිජ බැංකුවක්‌ පිළිබඳව පැවති අවශ්‍යතාවය සපුරා ලු ආකාරයටම ධනාත්මක ආරම්භ වෙනසකට නායකත්වය දෙන්නෙකු මෙන්ම උද්යෝගිමත් බැංකු සේවා සපයන්නෙකු විය යුතු බවට බැංකුවෙහි ආදි කතෘවරුන් කාවද්දා තිබූ ප්‍රධාන වටිනාකම් පෙරදැරි කර ගනිමින් බැංකුව තවමත් කටයුතු කරයි. තම සියලු ගනුදෙනුකරුවන්ගේ දියුණුව සහ ප්‍රගතියට උරදීමේ මෙහෙවරත් සමග ශ්‍රී ලාංකේය ප්‍රජාවට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීම සඳහා ඔවුන්ගේ ජීවන රටාවන් හා අවශ්‍යතා සමග ලංකා බැංකුව ඉදිරියට යයි. ඒ අනුව එක්‌සත් රාජධානියේ බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ හි අනුබද්ධිත ශ්‍රී ලාංකික සමාගමක්‌ වූ බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්‌ ලංකා (lk) විසින් අඛණ්‌ඩව 9 වන වසරටත් දිවයිනේ අනෙකුත් සියලු සන්නාම අතර අංක 1 බැංකුව සහ අංක 1 සන්නාමය ලෙස ලංකා බැංකු සන්නාමය පිළිගැනීමට ලක්‌ කර ඇත. 2015 සඳහා රු. බිලියන 25.3 ක බදු පෙර ලාභයක්‌ සහ 2016 වසර සඳහා රු. බිලියන 31.6 ක බදු පෙර ලාභයක්‌ අත්පත් කර ගත් එකම තනි ශ්‍රී ලාංකික ආයතනය ලෙස ලංකා බැංකුව බැංකුකරණ ක්‌ෂේත්‍රයේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වයක්‌ සඳහා දරන  ව්‍යායාමයේ අඛණ්‌ඩව නියෑලෙමින් තම වාර්තාවන්ටම අභියෝග කර ඇත.

අපගේ බැංකුකරණ ක්‍රියාවලින් යළි වෙනස්‌ කිරීමට සහ ඉදිරියට යැමට අප ගන්නා සෑම පියවරක්‌ම පොදුවේ ශ්‍රී ලාංකිකයන් හට වැඩි අගයක්‌ සැපයීමට තුඩු දෙන බව අපි දනිමු. මේ පිළිබඳව සැලකිල්ල යොමු කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්‌ වන ජීවන රටාවට ගැලපෙන ලෙස බැංකුව සෑම විටම සිය සේවා පවත්වා ගැනීම සහ පුළුල් කිරීම අඛණ්‌ඩව සිදු කරයි. අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ බැංකුකරණ මූල්‍ය නායකයා ලෙස බැංකුකරණයේ අතිවිශිෂ්ටත්වය සැපයීමට සහ රටේ සමාජයීය හා ආර්ථික සංවර්ධනය සඳහා සේවය කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්හට අපදී ඇති පොරොන්දුව යළි තහවුරු කිරීමට මෙය හොඳම අවස්‌ථාවයි යනුවෙන් ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.එම්. ගුණසේකර මහතා පැවසීය.
 


**********************************************************
 

UL 166 ගුවන් යානයේ ශ්‍රී ලංකන් කාර්ය
මණ්‌ඩලයේ වෘත්තීය දක්‍ෂතාවෙන්
ගුවන් මගීන් ආරක්‍ෂිතව දිවයිනට



ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 166 දරන ගුවන් යානයෙන් පෙරේදා (30 වැනිදා) ඉන්දියාවේ කොචින් සිට කොළඹ දක්‌වා ගමන් කිරීමේදී ඇතිවූ හදිසි අනතුරුදායක තත්ත්වයකින් ආරක්‍ෂාවීමට ගුවන් කාර්ය මණ්‌ඩලයේ වෘත්තීය දක්‍ෂතාව මත ගුවන් සමාගමට හැකි විය.
 
එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියකු විසින් රැගෙන ගිය ගමන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක්‌ දැවීයැම හෝ ජංගම දුරකථන හේතුවෙන් මෙම අනතුරුදායක අවස්‌ථාවට ගුවන් කාර්ය මණ්‌ඩලයට මුහුණදීමට සිදු විය.

ගුවන් මගීන් 202ක්‌ ඇතුළු ගුවන් මැදිරි කාර්ය මණ්‌ඩලය සමග ගුවන් ගත වූ මෙම A 330-200 ගුවන් යානාවේ ගමන් ගත් කිසිවකු කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්‍ෂිතව කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත නියමිත වෙලාවට ගොඩබැස්‌සවීමට ගුවන් සමාගම කටයුතු කර ඇත. ගුවන් කාර්ය මණ්‌ඩලය මෙම අවස්‌ථාවට සාර්ථකව මුහුණ දුන් ආකාරය පැසසුමට ලක්‌ කරමින් ගුවන් මගීන් අත්පොලසන්දී තම සතුට ප්‍රකාශ කරනු ලැබීය. ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු 70ක කාලයකට පසු ආහාර පාන සේවාවද අවසානවීමෙන් ගුවන් කාර්ය මණ්‌ඩල නිලධාරීන් විසින් ගමන් මලු බහාලන කැබින් තුළ දුමක්‌ නගින බව දැක එය වහාම ගුවන් මැදිරි කළමනාකරු සහ ගුවන් නියමු කපිතාන් වෙත දැනුම්දීමට කටයුතු කර ඇත. මේ අවස්‌ථාවේදී ගුවන් මැදිරි කාර්ය මණ්‌ඩල සාමාජිකයන් විසින් ගිනි නිවන උපකරණ හරහා දුම නිවීමට කටයුතු කළ අතර පසුව එම බෑගය ගුවන් මැදිරි සේවා ස්‌ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත. ලිතියම් නිසා ඇතිවූ ගින්දරක්‌ බවට අනුමාන කරමින් කාර්ය මණ්‌ඩලය විසින් ලිතියම් ගිනි නිවන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් බෑගය වතුර භාජනයක බහාලීමටත් පසුව කටයුතු කරනු ලැබීය. මෙම ක්‍රියාමාර්ගය මත බෑගයෙන් පිටවන දුම සම්පූර්ණයෙන් පාලනය වූ අතර එය විවෘත කිරීමේදී ලිතියම් බැටරි කිහිපයක්‌ සහ ජංගම දුරකථන 2ක්‌ කාර්ය මණ්‌ඩලය හමුවී ඇත.

මේ අනුව ගුවන් මැදිරි කාර්ය මණ්‌ඩලය විසින් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිටින ගුවන් ගමන් පාලකවරුන් වෙත මේ පිළිබඳව වහාම දැනුම්දීමට කටයුතු කළ අතර ගුවන් යානාව සාමාන්‍ය පරිදි ගොඩබැස්‌සවීමට සලස්‌වමින් ගුවන් මගීන්ද ගුවන් යානාවෙන් සාමාන්‍ය පරිදි පිටවීමට කටයුතු යොදනු ලැබීය. ගුවන් යානය ගොඩබැස්‌සවීමෙන් පසු අනතුරුදායක භාණ්‌ඩ පිළිබඳ විශේෂඥයන්, ගිනි නිවන භටයන් ඇතුළුව ආරක්‍ෂක කණ්‌ඩායම් ගුවන් යානය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට ගුවන් කාර්ය මණ්‌ඩලයට හැකිවීම සැමගේ පැසසුමට ලක්‌ විය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත බාරදී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින්, UL 166 දරන ගුවන් යානයේ සේවයේ නිරතව සිsටි ගුවන් මැදිරි කාර්ය මණ්‌ඩල සාමාජිකයන්ගේ පරීක්‍ෂාකාරීවීම, කාලෝචිත ලෙස ක්‍රියා කිරීම, පීඩන අවස්‌ථාවකදී වුවත් සන්සුන්ව මුහුණදීම යනාදී නිවැරැදි ක්‍රියාමාර්ග තුළින් මෙවැනි ප්‍රධාන අවදානම් තත්ත්වයකින් ආරක්‍ෂා වීම සම්බන්ධව විශේෂ පැසසුමට ලක්‌ කරනු ලැබීය.


**********************************************************
 

SLIIT ඉංජිනේරු පීඨය සිය ඉගෙනුම් සහ
පර්යේෂණ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි



මෙරට ප්‍රමුඛතම උපාධි පිරිනමන ආයතනයක්‌ වන SLIIT ආයතනය, ඉංජිනේරු ක්‌ෂේත්‍රයේ හිනිපෙත්තට පියමං කිරීම සඳහා සිසුන්හට අවශ්‍ය වටපිටාව සකස්‌ කරන ඉදිරිගාමී ඉගැන්වීම් සහ පර්යේෂණ ආයතනයක්‌ ලෙස මෙරට කීර්තියට පත්ව සිටී.

SLIIT ආයතනයේ ඉංජිනේරු පීඨයේ විද්යුත් සහ පරිගණක ඉංජිනේරු අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය නිම්සිරි අභයසිංහ මහතා එම කර්තව්‍යය සඳහා පුරෝගාමී මෙහෙවරක්‌ ඉටුකරයි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරුවේදී (ගෞරව) (B.Sc. Eng.) උපාධියත් විද්‍යාපති (M.Sc.) උපාධියත් සම්පූර්ණ කළ ඒ මහතා ඔස්‌ටේ්‍රලියාවේ ක(ර්)ටින් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය (Ph.D.) හිමිකරගත්තේය.

ගමන විශ්ලේෂණ සහ උපකාරක තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ කීර්තිමත් පර්යේෂකයකු වන ආචාර්ය අබේසිංහ මහතා, ඕස්‌ටේ්‍රලියාවේ ක(ර්)ටින් විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රැසක සේවය කර ඇත.

ඒ මහතා පර්යේෂණ සඳහා දක්‌වන ලද කැපවීම නිසාම M.Sc. උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ශිෂ්‍යත්වයක්‌ හිමි වූ අතර, උසස්‌ පෙළ විභාගයෙන් හිමිකර ගත් විශිෂ්ට ප්‍රතිඵල හේතුවෙන් මහපොළ උසස්‌ අධ්‍යාපන කුසලතා ශිෂ්‍යත්වයක්‌ ද ඔහුට හිමිවිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.