මහා හරි තෛලයෙන් අත් පා
පණගන්වන ක්‍රමවේදය මෙන්න


ප්‍රශ්නය - මේ ලිපියේ මීට පෙර කොටස අවසන් වූයේ රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සුවපත් කිරීමට බැහැ කියන බටහිර විද්‍යාත්මක මතයෙන්. බටහිර වෛද්‍ය දර්ශනයට අනුව මේ රෝගය කළමනාකරණය කිරීමට මිස සුවපත් කිරීමට බැහැ...

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මා පසුගිය සතියේත් කියූ පරිදි මේ රෝගය සුවපත් කරන්න පුළුවන්. හැබැයි එසේ කළ යුත්තේ රෝගය කළමනාකරණය කරන ගමන්. ඕනෑනම් රෝගය සුවපත් කරන්නේ නැතුව කළමනාකරණය කරගෙන ඉන්නත් පුළුවන්. එහෙත් එවැනි පිස්‌සුවක්‌ රෝගීන්ට නැහැ. සනීප කරගන්න පුළුවන් ලෙඩ එසේ නොකර කළමනාකරණය කරගෙන ඉන්න රෝගීන් ගැන මා අහලම නැහැ.

ප්‍රශ්නය - මෙහිදී ජීවත් විය යුතු ක්‍රමය කුමක්‌ද? ආත්‍රයිටිස්‌ රෝගීන් ව්‍යායාම් කිරීම සුදුසු නැති බවට මතයක්‌ තිබෙනවා.....

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඒක බොරු කතාවක්‌. සීමාසහිත ව්‍යායාම් කළ යුතුයි. හැබැයි බර උසුලන්න යන ලෝක ශූරයා කරන මට්‌ටමේ ව්‍යායාම නොකළ යුතුයි. එතකොට වෙන්නේ සන්ධි කුඩු පට්‌ටම්වෙලා යන එකයි. ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගෙන යැම සඳහා මස්‌පිඬු වර්ධනය කරගත යුතුයි. ක්‍රමවත් මස්‌පිඬු වර්ධනයට ව්‍යායාම අවශ්‍යයි. විශේෂයෙන් ම වැඩ කරන විට අධික මහන්සියක්‌ දැනෙන රූමැටික ආත්‍රයිටිස්‌ රෝගීන්ට මෘදු ලෙස කරන ව්‍යායාම අවශයයි. එවිට වේදනාව සමනය වෙනවා. මෙයට උදාහරණයක්‌ දෙන්නම්. ආත්‍රයිටිස්‌ රෝගියෙක්‌ උදේට නිදි ඇඳෙන් නැගිටින්නේ ඉතාම අමාරුවෙන්. රෝගියාට දෙපා බිම තියලා නැඟිට ගන්නවත් බැහැ. එහෙත් ටික වෙලාවක්‌ ඇවිදින විට වේදනාව පහවෙලා රෝගියා ප්‍රකෘති තත්ත්වයට එනවා. ඒ තමයි ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් වේදනාව අඩු කරන විදිය.

ප්‍රශ්නය - ඔබ නිතරම කියනවා මහා හරි තෛලය මගින් රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකියි කියලා?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එය සිදුවෙන්නේ මෙහෙමයි. දැන් සිරුරේ ක්‍රියාත්මක ප්‍රධාන බලවේග අතර වාත, පිත, කප යන තුන් කොටසට ප්‍රධාන තැනක්‌ ලැබෙනවා. මේවා කෝප වූ විට අසනීප හැදෙනවා. මහාහරි තෛලය හදන්න ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක්‌ එකතු කරලා. වාත පිත කප යන ත්‍රිදොaෂයටම ඉතා හොඳින් ක්‍රියාත්මකවන ඖෂධ මේ තෙල් වර්ගය තුළ තිබෙනවා. රූමැටික ආත්‍රයිටිස්‌ වැළඳෙන කෙනෙකුට ඊට සමගාමීව තවත් රෝග හට ගන්නට පුළුවන්. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය ඒ රෝග පරදවා ඉහළින් සිටින නිසා, ඒ රෝගයට කරන ප්‍රතිකාර අනෙක්‌ රෝගවලට අදාළ වන්නේ නැහැ. එවිට ඒ අනෙක්‌ රෝග නිදහසේ වර්ධනය වෙනවා. එවිට රෝගියාගේ රූමැටික ආත්‍රයිටිස්‌ තත්ත්වය තවත් දරුණු වෙනවා. උදාහරණයක්‌ හැටියට ගනිමු සෙම් අමාරුව හටගත් රූමැටික ආත්‍රයිටිස්‌ රෝගියෙක්‌. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට සෙමට ප්‍රතිකාර නොලැබෙන නිසා සෙම අමාරුව ඉස්‌මතු වෙනවා. සමහර විට පිත්තාශය නරක්‌ වේගෙන එනවා නම් ඒ වෙලාවේ ප්‍රධාන රෝගය රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය නම් පිත්තාශයේ රෝගය ප්‍රතිකාර නොකර අත් හැරෙනවා. මහා හරි තෛලය තුළ තිබෙනවා වාත පිත්ත කප යන රෝග තුනටම බලපාන ඖෂධ. ඒ ත්‍රිදොaෂය මගින් හටගන්නා සියලු රෝග එක විට දමනය කරන්න, සුවපත් කරන්න මහා හරි තෛලයට පුලුවන්. මෙය ඉතාම සංකීර්ණ තෙලක්‌. හැබැයි එහි ක්‍රියාවලිය ඉහත සඳහන් ආකාරයෙන් හරිම සරළව දර්ශනය කරන්නට පුළුවන්. මහා හරි තෛලය මගින් ප්‍රතිකාර ලබපු කිසිම කෙනකුට වැරදිලා නැති බව තමයි මා අවසාන වශයෙන් කියන්නේ.

පසුගිය සතියේදී මේ තීරයේ පළවූ පිළිකා රෝග ප්‍රතිකාර පිළිබඳ ලිපියේ ඊළඟ කොටස්‌ ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න. පිළිකා රෝගය ක්‍රමානුකූල ලෙස සුවපත් කිරීම සඳහා දේශීය පාරම්පරික ඖෂධ පරිහරණය කරන ආකාරය ගැන එමගින් සාකච්ඡා කෙරේ.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.