මැරුණත් සැතපෙන්න ලස්‌සනම සුසානයක

මරණය සහ අලංකාරය යනු එකිනෙකට නොගැලපෙන වචන දෙකකි. එහෙත් සුසාන භූමියක බාහිර පරිසරය වෙතින් ඉස්‌මතුව ඇති අතිශය අලංකාරත්වය නිසාම අද මෙම සුසාන භූමි ලෝකයේ අලංකාර වූ යන ලැයිස්‌තුවට අන්තර්ගතව ඇත. එහි අලංකාරය පවත්වා ගැනීම නිසා මරණය සමඟ සුසාන භූමිය ජීවත්වීමක්‌ සිදුවේ.

උතුරු ඇමෙරිකාවේ බොනන්වෙන්චර් සුසාන භූමිය

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පිහිටි බොනන්වෙන්චර් සුසාන භූමිය 1846 වසරේ ආරම්භ කරන ලදී. මෙහි වපසරිය අක්‌කර 160 ක්‌ පමණ වේ. එක්‌ පසකින් සැවානා තෘණ බිම්වලින් සහ අනෙක්‌ පැත්තෙන් විල්මින්ග්ටන් ගංගාවෙන් ද සුසැඳි මෙම දර්ශණීය සුසාන භූමිය වඩාත් ජනප්‍රිය වූයේ ජෝන් බෙරන්ඩිට්‌ විසින් රචිත මිඩ්නයිට්‌ ඉන් ද ගාර්ඩ්න් ඔෆ් ගුඩ් Midnight in the Garden of Good and Evil. ඇන්ඩ් එවිල් නව කතාව වෙනුවෙන් මෙම පරිසරය යොදා ගැනීමෙන් පසුවය. බොහෝ දෙනාගේ අවධානය මෙම සුසාන භූමිය වෙත යොමු වූයේ එයින් පසුවය.

ඔස්‌ට්‍රෙලියාවේ සිඩ්නි සුසාන භූමිය

1877 වසරේ පිහිටුවන ලද ඔස්‌ටේ්‍රලියාවේ මෙම සුසාන භූමිය අක්‌කර 40 ක වපසරියක පිහිටා ඇත. දකුණු පැසිපික්‌ කලාපයේ කඳුගැටයක පිහිටා ඇති මෙම සුසාන භූමියේ මිහිදන්ව ඇති ඒ චරිත අතරට ජනප්‍රිය නවකතා රචක හෙන්රි ලෝසන්, ක්‍රිකට්‌ ක්‍රීඩක වික්‌ටර් ට්‍රම්පර්, අයිරිස්‌ ජාතික විප්ලවවාදියකු වූ මිචෙල් ඩව්යර් ඇතුළත්ව ඇත.

බුවනොස්‌ අයර්ස්‌හි ලා රොසෙන්ටා

ආර්ජන්ටිනාවේ, බුවනොස්‌ අයර්ස්‌හි පිහිටි ලාරොසෙන්ටා සුසාන භූමිය පල්ලියට සම්බන්ධව පිහිටා ඇත. මෙහි පිහිටුවා ඇති දේවදූතයන්ගේ ප්‍රතිමාවන්ගේ අලංකාර කැටයම් වෙනුවෙන් ගොතික්‌, බැරොක්‌ වැනි කලා සම්ප්‍රදායන්ට අනුගමනය කරන ලදී. මෙම සුසාන භූමිය මුල් කරගත් ජනශ්‍රැති අතර වඩාත් ජනප්‍රිය වන්නේ 1902 වසරේ මියගිය Rufina Cambaceres, අයද මුල් කරගත් සිද්ධියයි. ඇය මියයන විට වයස අවුරුදු 19 ක්‌ වූවාය. ඇගේ සිරුර මිහිදන් කොට දින කීපයක්‌ ගෙවුණා පමණි. මෙම සොහොන දෙසින් මහත් වූ වේදනාත්මක හඬක්‌ ඇසුනි. සොහොන්කොත විවර කොට බලන විට පෙනී ගියේ ඇගේ මුහුණ පුරාම සීරී ගිය තුවාලයි. කෙසේ හෝ මෙම මෘත දේහය තැන්පත් කරන තිබුණ පෙට්‌ටිය විවෘත කිරීමටත් උත්සාහයක්‌ දරා ඇති බව සොහොන හෑරීමට ගිය පිරිසට දැක ගන්නට ලැබුණි.

ජෙරුසලමේ - Mount of Olives

ජෙරුසලමේ පිහිටි මෙම සුසාන භූමිය කතෝලික ආගමික නායකයන් මිහිදන්ව ඇති ප්‍රදේශයකි. මෙහි ඉතිහාසය වසර තුන්දහසක්‌ පමණ ඈත අතීතයකට හිමිකම් කියනු ලැබේ. වැලි වලින් නිර්මිත අලංකාර සොහොන්කොත් අතර සැතපෙන පිරිස අතරට ඊශ්‍රායලයේ අගමැති මෙනාකම් බෙගින් ද ඇතුළත්ව ඇත. Mount of Olives සුසාන භූමිය සමඟ ඇසට නිලන ගහ කොළ නොමැති අතර බටහිර පෙදෙසින් ජෙරුසලම් නගරය ද නැගෙනහිර දෙසින් කාන්තාරය දැකගත හැක.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ  - Arlington National Cemetery

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පිහිටි සුසාන භූමියේ මිහිදන්ව සිටින පිරිස අතරට ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ක්‍රියාකාරී චරිත, ලක්‌ෂ හතරක්‌ පමණ ඇතුළත්ය. සුසාන භූමිය වෙනුවෙන් වූ භූමිය මාර්තා වොෂිංටන්ගේ මුණුපුරෙකුට අයත්ව පැවැති අතර 1863 වසරේ ගොඩනංවන එහි Arlington National Cemetery ගොඩ නංවන ලදී. මෙය යුද සුසානභූමියක්‌ ලෙස පවතින අතර නිදහස ලබන සිරකරුවන් මෙහි සේවය සඳහා යොදවන ලදී. මෙහි වැදගත් සිහිවටන අතර සියවසක්‌ පමණ පැරැණි ගස්‌, ජෝන් එෆ්. කෙනඩිගේ සුසානය පියර් එල්. ඉන්ෆන්ට්‌ (Pierre L'Enfant) තර්ගුඩ් මාර්ෂල් (Thurgood Marshall) මෙඩ්ගාර් එවර්ස්‌ (Medgar Evers) සහ රට වෙනුවෙන් දිවි පුදන ලද නාඳුනන සොල්දාදුවන් බොහෝ පිරිසක්‌ ඇත.

නිව්යෝක්‌ නගරයේ - Green-Wood cemetery

නිව්යෝක්‌ නගරයේ පිහිටි ග්‍රීන්වුඩ් සුසාන භූමියේ සැතපෙන පිරිස අතරට බොස්‌ ට්‌වීඩ්, ජීන් මයිකල් බැස්‌කිHqට්‌ සහ තවත් යුද ජෙනරාල්වරුන් පිරිසක්‌ සිටිති. නයගරා දියඇල්ල හැරුනු විට සංචාරකයන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක්‌ ලෙසින් 1960 දශකයේදී මෙම සුසාන භූමිය වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබුණි. අක්‌කර 478 ක පැතිරී තිබෙන මෙහි පිහිටි ආකර්ෂණීය පරිසර නිර්මාණ අතරට පොකුණු, විල් සහ සිතිජය සේ දිවෙන විසිතුරු දර්ශණීය පරිසර තත්ත්වයන් ද වේ.

ලන්ඩනයේ - Highgate

ලන්ඩනයේ පිහිටි Highgate සුසාන භූමියේ වැදගත් සිහිවටන අතර ඔබ්ලිව්ස්‌ක්‌ කුලුන, ලෙබනන් කවට දිවෙන ඊජිප්තියානු මාවත, මෙන්ම වසර සියගණනක්‌ පැරැණි දේවදාර ගස ඇතුළත්ය. වික්‌ටෝරියානු යුගයේ ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබුණ මෙම සුසාන භූමිය කාලයක්‌ අතහැර දමා තිබුණි. එක්‌ලක්‌ෂ හැත්තෑදහසක්‌ පමණ මෙහි මිහිදන්ව ඇති අතර එම පිරිස අතරට චිත්‍ර ශිල්පි ලුයිසියන් ප්‍රෙඩ්, නවකතා රචක ජෝර්- එලියට්‌, ඇලෙක්‌සැන්ඩර් ලිට්‌වින්කෝ ඇතුළත්ව සිටිති.

කෝපන්හේගන් නගරයේ - Assistens Cultural Center

සුරංගනා කතා ලෝකයේ රජතුමා සැතපෙන සුසාන භූමිය 1760 වසරේ පිහිටුවන ලදී. උස්‌ සිහින් සොහොන්කොත මෙම සුසාන භූමියේ වැදගත්ම ස්‌මාරකයක්‌ව ඇත්තේ ජගත් කීර්තිධර ලේඛකයාගේ නිසල සැතපුම නිසාමය. දාර්ශනිකයකු වූ සොරෙන් කර්ක්‌ගාර්ඩ් ද මෙම සුසානයේ සැතපෙන සෙසු චරිත අතරට එක්‌ව ඇත.

ස්‌කොට්‌ලන්තයේ ශාන්ත ඇන්ඩෲ දේවස්‌ථාන සුසාන භූමිය

11 සහ 12 වැනි සියවසට අයත් ස්‌කොට්‌ලන්තයේ ශාන්ත ඇක්‌ඩෲ දේවස්‌ථාන සුසාන භූමිය උතුරු මුහුදට මුහුණලා රමණීය බිම් ප්‍රදේශයක පිහිටා ඇත. මෙහි පිහිටි ගොඩනැඟිලි බොහොමයක්‌ කළුගලෙන් නිර්මාණය වී ඇති අතර ඒවා 19 වැනි සියවසට අයත්ය. මෙහි පිහිටි ස්‌වාභාවික වටපිටාව මඟින් ආපදා මඟින් සුසාන භූමියට ආරක්‌ෂාව සැලසී ඇත.

රොමේනියාවේ ශාන්ත මේරි

සංචාරකයන්ට පාරාදීසියක්‌ව ඇති රුමේනියාවේ ශාන්ත මේරි සුසාන භූමිය මියගිය අය සැතැපෙන බිමක්‌දැයි සිතීමට තරම් අපහසු වූ රමණීය බිමකි. රොමේනියාවට මෙහි පිහිටි සොහොන් කොත් ඕක්‌ ලීයෙන් නිර්මිත කැටයම්වලින් යුක්‌ත අතර ආලේප කරන ලද නිල් වර්ණය මඟින් ද්වනිත වන්නේ වෙන්ව යැමේ ශෝකයයි.

පැරිසියේ Cimeti†re du P†re Lachaise

පැරිසියේ පිහිටි සුසාන භූමියේ වපසරිය අක්‌කර 110 ක්‌ පමණ වේ. මෙහි ඇවිදින මංමාවත් අලංකෘතව ඇත්තේ cobblestoned ගල්වලින්ය. ඔස්‌කා වයිල්ඩ්, ගර්ට්‌රූඩ් ස්‌ටෙයින් සහ ජිම් මොරිසන් වැනි විශිෂ්ට චරිත මෙම සොහොන්කොත් යට මිහිදන්ව සිටිති. 1804 වසරේ ආරම්භ කරන ලද මෙම පෙරා ලදැයිසේ සුසාන භූමිය මුලින්ම යොදාගනු ලැබුවේ නගරයේ වෙනත් කොටසක මියගිය උදවිය මිහිදන් කිරීම සඳහාය.

ජපානයේ ඔක්‌යුනියන්

ජපානයේ පිහිටි විශාලතම සුසාන භූමිය වන ඔක්‌යුනියන් සුසාන භූමිය නිර්මාණය කරනු ලැබුවේ ක්‍රි. ව. 816 වැනි වසරේදීය. බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා ලක්‌ෂ දෙකක්‌ පමණ මිහිදන්ව ඇති මෙම සුසානය යුනෙස්‌කෝව මඟින් ලෝක උරුම නගරයක්‌ ලෙසට නම් කර ඇත. දිනකට දෙවතාවක්‌ පූජා කරන අතර පහන් රුක්‌aවල ආලෝකයෙන් ප්‍රදේශයේ ආලෝකය විහිදී ඇති බවක්‌ පෙනේ.

These Are the 12 Most Beautiful Cemeteries in the World ලිපිය ඇසුරින්

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.