සම්පත් බැංකුව විශිෂ්ට අවබෝධයකින් පාරිභෝගික බැංකුකරණය වර්ධනීය තලයකට රැගෙන යයි

සවිමත් ආර්ථිකයක්‌ සහිතව ඉදිරි අනාගතයට පිය මැනීම සඳහා කිසියම් රටකට පාරිභෝගික බැංකුකරණ අංශයෙන් ලැබෙන සහාය අති විශාලය. පාරිභෝගික බැංකුකරණ සේවාවෙහි ප්‍රයෝජනය බොහෝ විට ලබාගන්නේ තනි පුද්ගල පාරිභෝගිකයන් විසිනි. කෙසේ වෙතත් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්‌ෂේත්‍රයෙහි නිරත ව්‍යවසායක පිරිස්‌ද පාරිභෝගික බැංකුකරණයෙහි සහයෝගය ලබාගනිමින් සිටිති. තනි පුද්ගලයකු වුවත් සමාගමක්‌ වුවත් පාරිභෝගික බැංකුකරණය නිවැරදිව භාවිත කරයි නම් ඒ තැනැත්තාට හෝ සමාගමට ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීම ඉතාමත් පහසු වනු ඇත. ශ්‍රී ලාංකිකයන් ඉතිරි කිරීමේ සංස්‌කෘතියක්‌ වෙත යොමුකරමින් ඔවුන්ගේ අනාගතය සරුසාර කිරීමට උරදීම සහ මූලික මට්‌ටමේ පවත්වාගෙන යන ව්‍යාපාරයක්‌ ක්‌ෂේත්‍රයේ ඉහළටම රැගෙන ඒම සඳහා පාරිභෝගික බැංකුකරණය අත්වැලක්‌ වනු ඇත.

දශක තුනක්‌ වැනි කාලසීමාවක්‌ තුළ පැමිණි ගමන් මඟෙහි විවිධ සංධිස්‌ථානයන්හි දියත් කරනු ලැබූ ක්‍රමෝපායන් හරහා ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක්‌ ලබාදෙමින් අපේක්‌ෂිත ඉලක්‌කයන් වෙත ළඟාවීම සිය වගකීමක්‌ සේ සලකමින් සම්පත් බැංකුව කටයුතු කරයි. ඉතිරි කිරීම පුරුද්දක්‌ ලෙස ප්‍රවර්ධනය කිරීම ඒ අතරින් ප්‍රමුඛ වූ නිසා මුදල් කළමනාකරණ උපකරණයක්‌ ලෙස ක්‍රෙඩිට්‌ කාඩ් පත් වඩාත් නිවැරදිව භාවිත කරන්නේ කෙසේද යන ආකාරය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම ද සිදුකරනු ලැබිණි.

සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, පාරිභෝගික බැංකුකරණ - තාරක රන්වල මහතා අදහස්‌ දක්‌වන පරිදි, මීට දශකයකට පමණ පෙරාතුව සිය පාරිභෝගික ප්‍රජාවෙහි ජීවන තත්ත්වයට සුවිසල් පහසුවක්‌ රැගෙන එන මාධ්‍යයක්‌ බවට ක්‍රෙඩිට්‌ කාඩ් පත්කිරීමට ඔවුහු ඉතාමත් වැදගත් තීරණයකට එළඹියහ. එය ලොව පුරා ජනයා ක්‍රෙඩිට්‌ කාඩ් යනු තම ආර්ථික දියුණුවට හරස්‌වන සාධකයක්‌ ලෙස සැලකීමට හුරුවී සිටි කාලයක්‌ විය. කෙසේ වෙතත් මෙම බාධාව අභිබවා යමින් වගකීම් සහගතව ක්‍රෙඩිට්‌ කාඩ් පතක්‌ භාවිත කිරීමට සහ ඒ ඔස්‌සේ පුළුල් පරාසයක ප්‍රතිලාභ සහ වරප්‍රසාද හිමිකර ගැනීමට පාරිභෝගිකයා යොමුකරලීමට සම්පත් බැංකුව සමත් විය. මෙම පියවර නිසා සම්පත් බැංකුවේ ක්‍රෙඩිට්‌ කාඩ් ව්‍යාපාර අංශය පමණක්‌ නොව සමස්‌ත වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්‌ කාඩ් ව්‍යාපාර ක්‌ෂේත්‍රයෙහිම පිබිදීමක්‌ ඇති කරන්නට සමත්ව තිබේ. ක්‍රෙඩිට්‌ කාඩ් ක්‌ෂේත්‍රයෙහි අනුගමනය කරන ලද ඉදිරිගාමී පියවරයන් නිසා වීසා, මාස්‌ටර්කාඩ් සහ ඇමෙරිකන් එක්‌ස්‌ප්‍රස්‌ ක්‍රෙඩිට්‌ කාඩ් වර්ග තුනම ලබාදෙන එකම ශ්‍රී ලාංකික බැංකුව බවට සම්පත් බැංකුව පත්විය. වෙළෙඳපොළ තුළ වඩාත් පිළිගැනීමක්‌ සහිත ක්‍රෙඩිට්‌ කාඩ්පත් බවට සම්පත් බැංකුවේ ක්‍රෙඩිට්‌ කාඩ් පත් ඉහළින්ම වැජඹෙන්නේ එකී විශිෂ්ටත්වයන් මඟින් ලැබී තිබෙන සවිමත් පදනම නිසාය.

"අපගේ ක්‍රෙඩිට්‌ කාඩ් ව්‍යාපාර අංශය පෙර වර්ෂයට වඩා 20.6% කින් වර්ධනයක්‌ සහිතව ඉදිරියට ගෙනයන්නට 2016 වර්ෂයේදී අපි සමත් වුණා. අපට අවශ්‍ය වූයේ ක්‍රෙඩිට්‌ කාඩ් භාවිතාව පාරිභෝගිකයාගේ මනසට කරදරයක්‌ වීම වළක්‌වන්නටයි. ඒ හරහා අපි විශාල වර්ධනීය මට්‌ටමකට පැමිණියා. වෙනත් බැංකු විසින් ක්‍රෙඩිට්‌ කාඩ් ගාස්‌තු වර්ග 28 ක්‌ අයකරනු ලබන වටපිටාවක සම්පත් බැංකුව සිය ක්‍රෙඩිට්‌ කාඩ් පාරිභෝගිකයන්ගෙන් අයකරන්නේ ගාස්‌තු 4 ක්‌ පමණයි. පාරිභෝගියාට පහසු ආකාරයට ක්‍රෙඩිට්‌ කාඩ් ගාස්‌තු ගෙවීමේ ක්‍රමවේදයන් ද හඳුන්වා දෙමින් ක්‍රෙඩිට්‌ කාඩ් යනු වඩාත් නම්‍යශීලී විසදුමක්‌ බවට පත්කරන්නට අපිට හැකිවුණා. කාඩ්හිමියන්ට ඔවුන්ගේ අනුපූරක කාඩ්පත්වල ණය සීමාව තෝරාගැනීමට ඉඩ ලබාදීම නිසා සිය පවුලේ සාමාජිකයන්ගේ මුදල් වියදම් කිරීම් සඳහා ද පහසුව රැගෙන එනවා. සම්පත් කාඩ් 'වගකීම් සහගත තේරීම' බවට පත්වෙන්නේ මෙන්න මේ සුවිශේෂීතා නිසායි". යනුවෙන් රන්වල මහතා සිය අදහස්‌ දක්‌වා සිටියේය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් රන්වල මහතා මෙසේද පවසා සිටියේය,

"අපි ක්‍රෙඩිට්‌ කාඩ් සම්බන්ධයෙන් නව්‍යකරණයන් විශාල ප්‍රමාණයක්‌ සිදුකර තිබෙනවා. 1987 වර්ෂයේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට මාස්‌ටර්කාඩ් ක්‍රෙඩිට්‌ කාඩ්පත හඳුන්වා දෙන්නට අපිට හැකි වුණා. මීට වර්ෂ කිහිපයකට එපිටදී වීසා ඉන්ෆිනිටි කාඩ් පත ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට අපි කටයුතු කළා. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට අසම්බන්ධිත (contactless) කාඩ් පතක්‌ වීසා payWave නමින් හඳුන්වා දෙන්නට පසුගිය වර්ෂයේ ජුලි මාසයේදී අපට හැකියාව ලැබුණා. අවම සීමාවන් සමඟින් විශිෂ්ට දීමනා රැසක්‌ සම්පත් කාඩ් වෙතින් පාරිභෝගිකයාට ලබාදෙනවා වගේම මෙම කාඩ්පත භාවිත කිරීම මඟින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක්‌ හිමිකර ගැනීමට ද අපි අවස්‌ථාව ලබා දෙනවා".

සම්පත් බැංකුවේ බැංකු පහසුකම් සමඟ වඩාත් බැඳී සිටින පිරිසෙහි මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු කරවීම සඳහා ක්‍රෙඩිට්‌ කාඩ් විශාල පහසුවක්‌ රැගෙන විත් තිබේ. සම්පත් බැංකුව සිදු කළ විවිධ වූ නව්‍යකරණයන්a ආශ්‍රයෙන් බැංකු සමඟ සම්බන්ධයක්‌ නොමැති සහ බැංකු පහසුකම් උපරිමව භාවිතාවට නොඟන්නා පාරිභෝගික පිරිස්‌ වෙත බැංකුකරණයේ අගය සම්පූර්ණයෙන්ම රැගෙන යැමට සමත්ව ඇත. ඉහත දැක්‌වූ මෙම පාරිභෝගික පිරිසට බැංකු පහසුකම් සඳහා නිසි ප්‍රවේශයක්‌ නොමැතිකම නැතිනම් ඔවුන්ට ඔවුන්ගේ ජීවන අවශ්‍යතා වෙනුවෙන් බැංකුකරණ පහසුකම් යොදාගන්නා ආකාරය පිළිබඳව නිසි අවබෝධයක්‌ නොමැත. එම නිසා ඔවුහු අවිධිමත් ක්‍රමවේදයන් වෙත යොමුවිය හැකි අතර එයින් මූල්‍ය පද්ධති ස්‌ථායීතාවට විශාල අවදානමක්‌ ද නිර්මාණය වනු ඇත. නිවැරදි මූල්‍ය කළමනාකරණ භාවිතාවක යෙදීමෙන් ආදායම් අසමානතා සහ දිළිඳුභාවය අවමවීම සිදුවේ. සම්පත් බැංකුව මේ බව මැනවින් අවබෝධ කරගනිමින් සම්පත් 'MY BANK' නියමු ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලදී.

'MY BANK' ව්‍යාපෘතිය සැබැවින්ම අද්විතීය නව්‍ය සංකල්පයක්‌. සාමාන්‍යයෙන් බැංකු ශාඛා නොමැති ප්‍රදේශයන් වෙත පත්කරනු ලබන විශේෂ නියෝජිතයන් මඟින් පාරිභෝගිකයන්ගේ මූලික බැංකුකරණ අවශ්‍යතා ඉටුකරදීම 'MY BANK' මඟින් සිදු කෙරෙනවා. බැංකු ශාඛාවක්‌ වෙත ගොස්‌ තම සේවා ලබාගැනීම මෙහිදී අවශ්‍ය නොවන අතර පාරිභෝගිකයා තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය සඳහා විශාල සහයෝගයක්‌ ලබාදෙමින් බැංකුකරණයේ විශිෂ්ට පහසුව ද රැගෙන එනවා. සාමාන්‍යයෙන් බැංකුකරණ සේවාවන් උපරිමව භාවිත නොකරන සහ බැංකු ගනුදෙනු නොකරන පාරිභෝගිකයන් වෙළෙඳසල් වෙතින් භාණ්‌ඩ මිලදී ගැනීමේදී ඔවුන්ගේ ඉතිරි මුදල් නිස්‌සාර අරමුණක්‌ වෙනුවෙන් වැයකරන්න පුළුවනි. නමුත් දැන් අපගේ 'MY BANK' නියෝජිතයන් හරහා එම මුදල් අර්ථවත් ලෙස ඉදිරි අනාගත අවශ්‍යතා වෙනුවෙන් ඉතිරි කර තැබීමට අවස්‌ථාව ලැබී තිබෙනවා. බැංකුව සහ නියෝජිතයා අතර සේවය ලබාදෙන අවස්‌ථාවේදීම (POS) ඉතාමත් සරල ක්‍රමවේදයක්‌ හරහා මෙම සම්පූර්ණ ක්‍රියාවලිය වාර්තාවීම සිදුවෙනවා". තාරක රන්වල මහතා පවසා සිටී.

"සියලන්ට පෙර ක්‌ෂේත්‍රයෙහි නවීන තාක්‌ෂණික හැකියාවන් උපයෝගී කරගැනීමට අපි දක්‌වන සමත්කම මෙම ව්‍යාපෘතියෙන් කැපී පෙනෙනවා. මෙහිදී උපයෝගී කර ගන්නා ක්‍රමවේදය (POS terminal) නිසා මූල්‍ය සේවා ලබාදෙන ස්‌ථානයන් වෙත පැමිණ සේවාව ලබාගත යුතුයි යන අදහස ක්‍රමිකව ඉවත්වනවා පමණක්‌ නොවෙයි මූල්‍ය සේවාවෙහි නව මානයකට දොරටු විවෘත වීම ද සිදුවෙනවා". රන්වල මහතා සිය අදහස්‌ නැවත එකතු කර සිටියේ එලෙසිනි.

සම්පත් බැංකුව නිරන්තරවම ඉතිරි කිරීම සඳහා මහජනයා තුළ උනන්දුව වර්ධනය කරන අතර ඒ වෙනුවෙන් නව්‍යකරණයන් සිදුකරමින් ආර්ථිකය වඩාත් සවිමත් තලයකට රැගෙන යැමට සිය දායකත්වය ලබාදෙයි. රටක්‌ වශයෙන් සිය ආර්ථික සෞභාග්‍යය ළඟා කරගැනීම සඳහා අනුගමනය කරන සමස්‌ත ක්‍රියාවලිය එහි සාර්ථකත්වය උදෙසා පාරිභෝගික බැංකුකරණ සේවා අංශයට ඉටුකිරීමට වැදගත් වැඩ කොටසක්‌ තිබේ. තනි පුද්ගලයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක්‌ නොව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්‌ෂේත්‍රයෙහි අභිවෘද්ධිය උදෙසා ද පාරිභෝගික බැංකු සේවා අංශයෙන් ඉටුවන්නේ ඉමහත් සේවයකි.

කර්මාන්ත සහ සේවා අංශයන් 2016 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතය වෙනුවෙන් ලබාදුන් දායකත්වය පිළිවෙළින් 27.1% සහ 57% වේ. එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙන් ලද දායකත්වය අතිමහත් වන අතර රටේ ආර්ථික ප්‍රගමනය උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විශාල සහයෝගයක්‌ ලබා ගත හැකිවේ.

"කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙහි වර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක්‌ ලබාදී තිබෙන්නේ එහි නිරත පාර්ශ්වකරුවන් විසිනුයි. ඒ වෙනුවෙන් බැංකු විසින් ලබාදී තිබෙන්නේ අවම දායකත්වයක්‌ බව පැවසීම නිවැරදියි. මේ බව මැනවින් අවබෝධ කරගනිමින් සම්පත් බැංකුව අපගේ පාරිභෝගික බැංකුකරණ අංශය ඔස්‌සේ මෙම ක්‌ෂේත්‍රයට සහයෝගය ලබාදීමට පෙරට පැමිණයේ අපගේ ආරම්භයේ පටන්මයි. ශ්‍රී ලංකාවේ බැංකු සමාගම් අතර පවත්නා තරගකාරීත්වය නිසා නිරන්තරව නව බැංකුකරණ නිපැයුම් හඳුන්වා දෙන අතර තරගකාරී මිල ගණන් පාරිභෝගිකයා වෙත ලබාදීම ද සිදු වෙනවා. සේවාවේ විශිෂ්ටත්වය, පාරිභෝගික සබඳතා විශිෂ්ටත්වයෙන් පවත්වා ගැනීම සම්පත් බැංකුවේ අප සතු සුවිශේෂීතාවන් ලෙස පැවසිය හැකියි. 2016 වර්ෂයේදී පෙර වර්ෂයට වඩා 48.8% ක ලාභාංශ වර්ධනයක්‌ පෙන්නුම් කිරීමට අපට හැකිවුණා". තාරක රන්වල මහතා පවසයි.

සම්පත් බැංකුව සහ විශිෂ්ට නිෂ්පාදන සමාගමක්‌ අතර ඇති කර ගනු ලැබූ සබඳතාව ඔස්‌සේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමට රන්වල මහතා කටයුතු කළේය. සිය නිෂ්පාදන ක්‍රියාවලියෙහි ඉවතලන ද්‍රව්‍යයක්‌ යොදාගනිමින් නව නිපැයුමක්‌ සිදුකිරීම සඳහා ඔවුහු තම බැංකු සමාගමේ සහාය අපේක්‌ෂා කළ අතර එම බැංකුව පමණක්‌ නොව වෙනත් ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක්‌ම ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්‌ෂේප කරන ලදී. අවසානයේ ඔවුහු සම්පත් බැංකුවේ සහයෝගය අපේක්‌ෂා කළහ. සම්පත් බැංකුව එම ව්‍යාපාරික ආයතනයේ යෝජනාව විමසුමට ලක්‌කරමින් නව්‍යකරණයන් උදෙසා ඔවුහු දක්‌වන සමත්කම් මැනවින් අවබෝධ කරගත් අතර ඔවුන් වෙත මූල්‍ය සහයෝගය ලබාදෙමින් ණය අනුමත කිරීමට ද තීරණය කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.