දම්රෝ විශාලතම ප්‍රදර්ශනාගාරය දැන් කටුබැද්ද නගරයේ...

වසර 30ක්‌ පුරා අඛණ්‌ඩ පාරිභෝගික විශ්වාසය දිනා ඇති දම්රෝ, ගෘහභාණ්‌ඩ වෙළෙඳපොළේ අද්විතීය නාමය බවට පත්ව ඇත.

දැනට දිවයිනේ ප්‍රදර්ශනාගාර 170කින් හා ඉන්දියාවේ ප්‍රදර්ශනාගාර 68කින් සමන්විත දම්රෝ ප්‍රදර්ශනාගාර ජාලය තම පාරිභෝගිකයන් සඳහා නවතම අත්දැකීමක්‌ ලබාදීමේ අරමුණින් ගාලු පාරේ, කටුබැද්ද නගර මධ්‍යයේ දැවැන්ත ප්‍රදර්ශනාගාරයක්‌ පසුගියදා සුබ මොහොතින් විවෘත කරන ලදී.

පාරිභෝගිකයන්ගේ කැමැත්ත අනුව තමන්ට අවශ්‍ය භාණ්‌ඩ තෝරා ගැනීමේ නිදහස්‌ වටපිටාවක්‌ මෙම ප්‍රදර්ශනාගාරය තුළ නිර්මාණය කර ඇත. වර්ග අඩි 50,000ක්‌ පමණ වන මෙම දැවැන්ත ප්‍රදර්ශනාගාරය මහල් 5කින් සමන්විත වේ. මෙහිදී සෝෆා මාදිලි 70ක්‌ හා නිදන කාමර කට්‌ටල 30ක්‌ විවිධ මාදිලි හා වර්ණ යටතේ රිසි ලෙස තෝරා ගැනීමේ අවස්‌ථාව පාරිභෝගිකයන් වෙත සලසා ඇත.

නිවසේ ආලින්දයේ සිට මුළුතැන්ගෙය දක්‌වා අවශ්‍ය සෝෆා, නිදන කාමර කට්‌ටල, ස්‌ප්‍රිං සහ ෆොaම් මෙට්‌ට, ප්ලාස්‌ටික්‌ ගෘහ භාණ්‌ඩ, කුඩා දරුවන්ගේ ගෘහ භාණ්‌ඩ, ගෘහ අලංකරණ අයිතම සහ හෝටල් හා ආපන ශාලා ගෘහ භාණ්‌ඩ, කාර්ය ගෘහ භාණ්‌ඩ, සේප්පු ඇතුළු සියලුම දේ එකම වහලක්‌ යට දම්රෝ වෙළෙඳනාමයෙන් මිලදී ගත හැක. සියලුම වර්ගයේ ගෘහ විදුලි උපකරණ Damro වෙළෙඳ නාමයෙන් හා Innovex, Panasonic, Pioneer, Hisense, Jac සහ Preethi යන වෙළෙඳ නාමයන් යටතේ තෝරා ගැනීමට මෙම දැවැන්ත ප්‍රදර්ශනාගාරයේදී හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම ඕනෑම බැංකුවක ක්‍රෙඩිට්‌ කාඩ්පත් භාවිතයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්‌ඩ මිලදී ගැනීමේ හැකියාවද පවතී.

කටුබැද්ද වැනි ඉතා නාගරික පරිසරයක්‌ තුළ වාහන නවතා තැබීමේ හැකියාව ඉතා අඩු වුවත්, මෙම ප්‍රදර්ශනාගාරයේදී පාරිභෝගිකයන් සඳහා වෙන්ව ඇති රථ ගාල නිසා කිසිදු අපහසුතාවකින් තොරව පාරිභෝගිකයන්ට රිසිසේ කැමති කාලයක්‌ තම අවශ්‍යතාවන් වෙනුවෙන් කාලය නිදහසේ මිඩංගු කිරීමේ හැකියාව තිබීම මෙම ප්‍රදර්ශනාගාරයෙහි ඇති විශේෂත්වයයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.