East West Marketing සමාගම ‘Bakewell’ බේකරි උපකරණ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ බේකරි නිෂ්පාදන සමාගමක්‌ වන East West Marketing තම නිෂ්පාදන පෙළ පුළුල් කරමින් “Bakewell” සන්නාමය යටතේ නව බේකරි උපකරණ පෙළක්‌ හඳුන්වාදී ඇත.

නවලෝක හොල්ඩිංග්ස්‌ අනුබද්ධිත East West Marketing සමාගම වෙළෙඳපොළට ගෙනෙන Bakewell උපකරණ පෙළ මගින් බේකරි කර්මාන්තයේ මෙතෙක්‌ නොවිසඳුණු විවිධ වෘත්තීමය අවශ්‍යතා සපුරන අතර ව්‍යාපාරයේ ඵලදායිතාව ඉහළ නංවයි. East West Marketing කළමනාකාර අධ්‍යක්‌ෂ හර්ෂිත් ධර්මදාස මහතා නවතම Bakewell ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් පැවසුවේ වර්තමානයේදී බේකරි නිෂ්පාදකයන්ට සහ ආහාර සැපයුම්කරුවන්ට Bakewell නිෂ්පාදන උපකරණ මගින් පහසුවෙන් හා කාර්යක්‌ෂමව තම නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් සිදු කළ හැකි බවයි. සමාගම නොමිලේ සපයන අලෙවියෙන් පසු සේවා සහ තාක්‌ෂණික සහාය සේවා මගින් පාරිභෝගිකයන්ට උපරිම පහසුවක්‌ සැලසෙන බවද ඔහු පැවසීය.

Bakewell නිෂ්පාදන අතරට Bakery නිෂ්පාදනයේදී අත්‍යාවශ්‍ය වන උඳුන් (Ovens) කේක්‌ මිශ්‍රණ Rounders, Dividers, ආහාර කැපීමේ යන්ත්‍ර ආදී නිෂ්පාදන පෙළක්‌ ඇතුළත්ය. මෙම සියලු උපකරණ ගැන 64, ග්‍රීන්පාත්, කොල්ලුපිටිය ලිපිනයේ පිහිටි Bakewell ප්‍රදර්ශනාගාරයෙන් (www.bakewell.ewm.lk) හෝ 297/2, ජෝර්- ආර්. ද සිල්වා මාවත, කොළඹ 13 ලිපිනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් විමසීම් කළ හැකිය. East West Marketing මෙහෙයුම් ප්‍රධානී නාලක නිරෝෂණ මහතා පැවසුවේ ව්‍යාපාරය හා බැඳුණු පාරිභෝගික විශ්වාසය East West Marketing සමාගමේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන හේතුව බැවින් Bakewell නිෂ්පාදන පෙළද වෘත්තීය බේකරි නිෂ්පාදකයන්ගේ අවශ්‍යතා විශ්වාසනීයව සපුරමින් බේකරි කර්මාන්තය නව මානයකට ගෙන රැගෙන යැමට දායක වනු ඇති බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.